Search

ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසී සහ අවිශ්වාදායක සන්නාම ප්‍රකාශයට පත් කෙරේ

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන් අතර වඩාත්ම විශ්වාසදායක සහ අවිශ්වාසදායක වෙළඳ සන්නාම පිළිබඳ අනාවරණයක් සිදු කර තිබෙනවා.

පෝල්ස්ටර් රෝයි මෝර්ගන් (Pollster Roy Morgan) විසිනුයි ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක සහ විශ්වාස කළ නොහැකි වෙළඳ නාම ගෙනහැර දක්වමින් මෙම නව පර්යේෂණ වාර්තාව නිකුත් කර ඇත්තේ.

මෙම වසරේ මාර්තු කාර්තුවේ දත්ත ඊයේ නිකුත් කරන ලද අතර ජීවන වියදම සහ ඉහළ මිල ගණන් හේතුවෙන් Woolworths සහ Coles සුපිරි වෙළඳ සැල් පිළිබඳ මහජනතාවගේ විශ්වාසය පහත වැටී ඇතැයි එමගින් හෙළිවී තිබෙනවා.

ඒ අනුව 2024 වසරේ ඔස්ට්‍රේලියානුවන්ගේ වඩාත් විශ්වාසය දිනාගත් සන්නාමය ලෙසට පළමු තැනට පත්වී ඇත්තේ Bunnings Warehouse ආයතන සමූහයයි.

ජනතා විශ්වාසය, සාධාරණ මිල ගණන්, සන්නාම ශක්තිය සහ වෙළඳපල ආධිපත්‍යය ඇතුලු කරුණු මත ඔවුන් පළමු තැනට පත්වී ඇති බවයි රෝයි මෝර්ගන් ප්‍රධාන විධායක නිලධාරී මිචෙල් ලෙවින් ප්‍රකාශ කළේ.

මෙම ශ්‍රේණිගත කිරීමේ දෙවන තැනට Aldi Food Store පත්වී ඇති අතර තුන්වන තැන Kmart සුපිරි වෙළඳසැල් සමූහයට ලැබී තිබෙනවා.

ඇපල්, ටොයෝටා, ඔස්ට්‍රේලියා පෝස්ට් සහ සැම්සුන්ග් සමාගම ද ඔස්ට්‍රේලියාවේ ජනතා විශ්වාසය දිනාගත් සමාගම් අතරට අයත්.

ඔස්ට්‍රේලියාවේ ජනතාවට විශ්වාසයක් නොමැති සමාගම් අතරින් පළමු තැන Optus වෙත ලැබී තිබෙනවා.

පසුගිය වසරේ අගභාගයේදී මිලියන සංඛ්‍යාත ඔස්ට්‍රේලියානුවන්ට පැය 13ක කාලයක් ඔවුන්ගේ දුරකථන භාවිත කිරීමට නොහැකි වූ ඇනහිටීම හේතුවෙන් සමාගමට පැවති විශ්වාසය තවත් බිඳ වැටී ඇති බවයි පැවසෙන්නේ.

ජනතාවට විශ්වාසයක් නොමැති සමාගම් අතර දෙවන තැන ෆේස් බුක් සමාජ ජාලය අයත් මෙටා සමාගමට ලැබී ඇති අතර තුන්වන තැන ජාතික ගුවන් සේවය වන Qantas වෙත ලැබී තිබෙනවා.

ටෙල්ස්ට්‍රා, ඇමසන්, ට්විටර්, ටික්ටොක්, කෝල්ස් සහ නෙස්ලේ සමාගම් ද ඔස්ට්‍රේලියානු ජනතාවට විශ්වාසයක් නොමැති සමාගම් ලැයිස්තුවට ඇතුලත් වී තිබෙනවා.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »