වාර්තාවක් තියන නිවසක් වික්ටෝරියා ප්‍රාන්තයේ

වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩිම මුදලකට අලෙවි වූ නිවසේ වාර්තාව බිඳ දැමීමට නවතම නිවසක් ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳ පොළට ඇතුලත්ව තිබෙනවා.

ඩොලර් මිලයන 82කට අධික මිලක් නියම කර ඇති වික්ටෝරියා ප්‍රාන්තයේ Toorak මන්දිරය මිලදී ගැනීමේ අරමුණින් ජාත්‍යන්තර ගැනුම්කරුවන් රැසක් වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

2 Macquarie Rdහි නිදන කාමර හයකින් යුත් නිවස ඩොලර් මිලියන 82.5 දක්වා වූ මිලක් සමඟ අලෙවියට ඉදිරිපත් කර ඇති අතර එය එය ඩොලර් මිලියන 80කට 2022 වසරේ අලෙවි කෙරුණු සෙන්ට් ජෝර්ජ් මාර්ගයේ පිහිටි නිවසේ වාර්තාව බිඳ දමනු ඇතැයි අපේක්ෂිතයි.

‘Ghost Mansion’ නොහොත් භූත මන්දිරය ලෙසට නම් කෙරුණු එම නිවස කැසිනෝ ප්‍රධානී එඩ් ක්‍රේවන් විසින් 2022 වසරේදී මිලදී ගෙන තිබුණා.

Forbes Global Properties ලැයිස්තුගත කිරීමේ නියෝජිත Robert Fletcher පැවසුවේ දේශීය හා ජාත්‍යන්තර උනන්දුවක් ඇති ගැනුම්කරුවන් රැසක් නව නිවාස මිලට ගැනීමේ අරමුණින් වික්ටෝරියා ප්‍රාන්තය වෙත පැමිණෙන බවයි.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »