Search

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසකට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

එළඹෙන සති අන්තයේ පවතිනු ඇතැයි අපේක්ෂිත වැසි සහිත කාලගුණික තත්වයෙන් වික්ටෝරියා ප්‍රාන්තය ඇතුළුව සමස්ත ඔස්ට්‍රේලියාවේ මිලියන ගනනකට බලපෑම් එල්ල වනු ඇතැයි කාලගුණ අංශ අනතුරු අඟවනවා.

සිකුරාදා දිනය වන විට කිලෝමීටර් 2000ක පමණ කලාපයකට වැසි ඇති වනු ඇතැයි අපේක්ෂා කරන අතර සති අන්තය වන විට සියයට 90ක පමණ ප්‍රදේශයකට වැසි තත්වය ව්‍යාප්ත වනු ඇති බවයි පැවසෙන්නේ.

බටහිර ඔස්ට්‍රේලියාවේ කිම්බර්ලි ප්‍රදේශයේ සිට වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ඩ් දක්වා වැසි තත්වය ව්‍යාප්ත වනු ඇති බවට අනතුරු අඟවා තිබෙනවා.

බටහිර ඔස්ට්‍රේලියාව, නිව් සවුත් වේල්ස්, ටස්මේනියා සහ වික්ටෝරියා ප්‍රාන්ත සඳහා දැඩි කාලගුණ අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇතැයි සඳහන්.

සිඩ්නි හි සතිය මුලදී පැවති උණුසුම් කාලගුණය අවසන් වී වැසි ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින අතර වෙරළබඩ ප්‍රදේශවලට තද සුළං ද ඇති වන බවටයි අනතුරු අඟවා ඇත්තේ.

සිකුරාදා සහ සෙනසුරාදා මෙල්බර්න් සහ ඒ අවට ප්‍රදේශවලට තද වැසි ඇති වන අතර ඉරිදා වන විට එම තත්වය පහව යනු ඇතැයි අපේක්ෂිතයි.

මෙල්බර්න් හි වර්ෂාපතනය ඇති වීමේ සියයට 60ක සම්භාවිතාවක් පවතින අතර පැයට කිලෝමීටර් 25 පමණ දක්වා වේගයෙන් සුළං ද ඇති විය හැකි බව සඳහන්.

ඇමරිකාවේ අමානුෂික බව කියන සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානය

ඇමරිකා එක්සත් ජනපදයේ තාවකාලික කූඩාරම් සහිත රැඳවුම් මධ්‍යස්ථානයක අමානුෂික ලෙස සංක්‍රමණිකයින් සිය ගණනක් සිරකර සිටින බවට ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් චෝදනා කරනවා. 

Read More »

ප්‍රධාන ගුවන්තොටුපළක ආරක්ෂක පියවරක් ඉවත් කරයි

ඇමරිකාවේ ගුවන් තොටුපලවල ආරක්ෂක පරීක්ෂාවන් වලදී පාවහන් ඉවත් කර පරීක්ෂා කිරීමේ පියවර ඉවත් කර තිබෙනවා. වොෂින්ටනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එරට ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම්

Read More »

ට්‍රම්ප් නිසා HIV රෝගීන් මිය යාමේ අවදානමක්

ගෝලීය HIV මර්ධනය සඳහා ඇමරිකාව අරමුදල් අත්හිටුවීම හේතුවෙන් 2029 වන විට HIV ආශ්‍රිත මරණ මිලියන ගනණකින් ඉහළ යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා. ඩොනල්ඩ්

Read More »

Plastic නිෂ්පාදන වල රසායනික ද්‍රව්‍ය 4,200ක් තහනම් කිරීමට ඉල්ලිමක්

Plastic නිෂ්පාදනයන් සදහා භාවිතා කරන මිනිස් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය 4,200කට වැඩි ප්‍රමාණයක් තහනම් කළ යුතු බවට විද්‍යාඥයන් ඉල්ලිමක් සිදුකර තිබෙනවා. Nature සඟරාවේ පළ කරන

Read More »