
මෙල්බර්න්හි සේවා ස්ථාන සහ සුපිරි වෙළඳසැල්වලින් ඩොලර් මිලියන 2ක වටිනාකමකින් යුත් මුදල් සහ භාණ්ඩ සොරකම් කිරීම සඳහා ළමුන් යොදාගත් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මෙම ජාවාරම සිදුකර ඇති අතර සොරකම් කළ භාණ්ඩ අතර දුම්වැටි තොගයක් ද වන බවයි වාර්තා වන්නේ.
වික්ටෝරියා පොලිසිය නිවේදනය කළේ මාස ගණනාවක් පුරා සිදු කරන ලද විමර්ශනවලින් පසුව සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් අතර එම සොරකම් ජාලයට බඳවා ගත් බව කියන වයස අවුරුදු 12ක බාල වයස්කරුවන් පිරිසක්ද ඒ අතර වන බයි.

පසුගිය ජනවාරි මාසයේ සිට මෙල්බර්න් හි නැගෙනහිර තදාසන්න ප්‍රදේශවල දුම්වැටි සොරකම් සහ සන්නද්ධ මංකොල්ලකෑම් 140 කට වැඩි ප්‍රමාණයක් පිටුපස ළමුන් 20 කට වැඩි ප්‍රමාණයක් සිටි බවට වික්ටෝරියා පොලීසිය අනාවරණය කරගෙන තිබුණා.
මෙම සංවිධානාත්මක ජාලයේ ප්‍රධාන ඉලක්කය සේවා ස්ථාන සහ සුපිරි වෙළඳසැල් වන අතර ඒ සදහා වැඩිහිටි අපරාධ කල්ලි විසින් පුහුණුවක් ලබා දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම ළමුන් ඩොලර් සියයක් වැනි මුදලකට, මෙම සොරකම් සදහා යොමුව ඇති බව පොලිසිය පවසනවා.
මෙල්බන්හි නැගෙනහිර පළාතේ වැඩබලන පොලිස් පරීක්ෂක ඩේල් මැක්ස්වෙල් පැවසුවේ අවුරුදු 12ත් 17ත් අතර ළමුන් 20 කට වැඩි පිරිසකට ඩොලර් සියයක මුදලක් සදහා මෙලෙස කොල්ලකෑම්වලට යොමුව ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කරන බවයි.