Search

Cannes World Film Festival හි නර්තන අංශයේ හොඳම චිත්‍රපටය ලෙස ශ්‍රී ලංකාවේ “ශේෂ” සම්මාන ලබයි

ලොව ඉහළ පෙළේ ජනප්‍රියතම සම්මාන උළෙලක් වන කෑන්ස් ලෝක සිනමා උළෙලේ (Cannes World Film Festival) නර්තන අංශයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ශ්‍රී ලංකාවේ “ශේෂ” චිත්‍රපටයට හිමිව තිබෙනවා.

ඉසුරු ගුණතිලකගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වන මෙම චිත්‍රපටයේ නර්තන අධ්‍යක්ෂනය සිදු කර ඇත්තේ ප්‍රවීණ නර්තන ආචාර්ය රවිබන්ධු විද්‍යාපති විසින්.

සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කේමදාසයන්ගේ දියණිය වන ගයාත්‍රි කේමදාස විසින් සිදු කර තිබෙනවා.

මෙම චිත්‍රපටයට පසුබිම් වී ඇත්තේ නුවර කලාවියේ ජීවත් වෙමින් පාරම්පරික නර්තනය රැකගෙන පැමිණි නර්තන ආචාර්යවරයෙකුට මුහුණ පෑමට සිදු වූ අතිශය ඛේදනීය සිදුවීමක්.

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික නර්තන කළාව ජාත්‍යන්තරයට රැගෙන යන චිත්‍රපටයක් ලෙසටයි ශේෂ චිත්‍රපටය සැලකෙන්නේ.

චිත්‍රපටියේ ප්‍රධාන චරිතයෙන් ප්‍රවීණ නර්තන ආචාර්ය චන්දන වික්‍රමසිංහ මෙන්ම උමාලි තිලකරත්න, මල්කාන්ති ජයසිංහ, සමන්ත කුමාර ගමගේ, නලින් ප්‍රදීප් උඩවෙල සහ ජයන්ත මුතුතන්ත්‍රි ඇතුලු ජනප්‍රිය නලු නිළියන් රැසක් ද රංගනයෙන් දායක වී තිබෙනවා.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »