වීසා ගැන අගමැති ඇන්තනි ඇල්බනීස්ගෙන් නියෝගයක්

වීසා අවලංගු කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නව නියෝගයක් නිකුත් කරන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසනවා.

වීසා අවලංගු කිරීමේ සිදුවීම් සමාලෝචනය කිරීමේදී ප්‍රජා ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවයි අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

පසුගිය 2023 වසරේ ජනවාරි මාසයේදී ආගමන අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද නියෝගයක් හේතුවෙන් වරදකරුවන් වූ පිරිසකට ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට අවසර ලබා දී ඇති බව හෙළි වීමෙන් අනතුරුව ෆෙඩරල් රජය දැඩි විවේචනයට ලක් වුණා.

කිසියම් වරදිකරුවෙකුගේ වීසා බලපත්‍රය අවලංගු කරන්නේ ද නැතහොත් නැවත ස්ථාපිත කරන්නේද යන්න සලකා බැලීමේදී ඔස්ට්‍රේලියාවේ ජීවත් වූ කාලය සැලකිල්ලට ගන්නා බව මීට පෙර අවධාරණය කර තිබුණා.

එලෙස වීසා බලපත්‍රය නැවත ලබා ගත් එක් පුද්ගලයෙක් බ්‍රිස්බේන්හි මිනීමැරුම් චෝදනාවට ලක්ව සිටින බැවින් ආගමන අමාත්‍ය ඇන්ඩෘ ගයිල්ස් නියෝග කර ඇත්තේ එම වීසා බලපත්‍ර අවලංගු කර තවත් එවැනි වීසා බලපත්‍ර ගණනාවක් හදිසි සමාලෝචනයකට ලක් කිරීමටයි.

පසුගිය වසරේ ලබා දුන් මහාධිකරණ තීන්දුව මගින් පිටුවහල් කළ නොහැකි අය සිරගත කර රඳවා තබා ගැනීම නීති විරෝධී ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර එමගින් සංක්‍රමණිකයන් රැසකට නිදහස හිමිව තිබුණා.

මෙම තීන්දුව ෆෙඩරල් රජයට විශාල බලපෑමක් වී ඇති අතර එලෙස නිදහස් කළ හිටපු රැඳවියෙකු පර්ත් හි නිවසක් කොල්ල කෑමට ගොස් වයෝවෘද්ධ කාන්තාවකට පහරදී ඇතැයි ද වාර්තා වී තිබෙනවා.

මෙම තත්ත්වය මතයි වීසා නීති සහ වීසා අවලංගු කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් කටයුතු තවදුරටත් විධිමත් කිරීම සඳහා අගමැතිවරයාගේ අවධානය යොමුවී ඇත්තේ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »