මෙල්බන්, ඔස්ට්‍රේලියාවේ නිවාස ණය ගෙවීමට අපහසුම නගරය වෙයි ?

මෙල්බර්න් අගනගරය ඔස්ට්‍රේලියාවේ නිවාස ණය ගෙවීමට අපහසුම නගරය වීමේ හේතුව සොයා අධ්‍යනයක් සිදුකර තිබෙනවා.

Moody’s Ratings විසින් සිදු කළ මෙම අධ්‍යයනයට අනුව මෙල්බර්න් නගරයේ ජනතාව ඔවුන්ගේ උකස් මුදල් ගෙවීමට වඩාත්ම අරගල කරන පිරිස අතරින් පෙරමුණට පැමිණ ඇතැයි සඳහන්.

උකස් හිඟ මුදල් ගෙවීමට අදාළ තොරතුරු සලකා බැලීමේදී නියමිත දිනට වඩා දින 30ක් පමණ පසුපසින් සිටින වැසියන් අතර වික්ටෝරියා ප්‍රාන්ත ජනතාව වැඩි වශයෙන් සිටින බවයි තහවුරු වී ඇත්තේ.

සංඛ්‍යා ලේඛනවලට අනුව නිවාස ණය හිමියන්ගෙන් සියයට 2.15කට තම උකස නිසි පරිදි ගෙවා ගැනීමට නොහැකි බව එහිදි තහවුරු වී තිබෙනවා.

පසුගිය 2023 වසර අග වන විට නිවාස ණය නිසි පරිදි ගෙවා ගැනීමට නොහැකි ප්‍රධාන නගර අතර මෙල්බන් CDB දෙවන ස්ථානයට පත්ව තිබුණා.

වික්ටෝරියාහි Albanvale)එලෙස නිසි පරිදි නිවාස ණය ගෙවාගත නොහැකි තුන්වන නගරය ලෙස නම් කර තිබුණු අතර 2024 පළමු කාර්තුවේදී නිවාස මිල වික්ටෝරියා ප්‍රාන්තයේ සියයට 3.8කින් ඉහල ගොස් තිබීමද විශේෂත්වයක්.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »