වික්ටෝරියා ප්‍රාන්තයේ රෝගීන්ට රෝහලට නොගිහින් ප්‍රතිකාර ගන්න ක්‍රමයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ හෝම් හොස්පිට්ල් (Home hospital) සේවා වැඩසටහ වර්චුවල් වෝර්ඩ්ස් (virtual wards) දක්වා පුලුල් කිරීමට ප්‍රාන්ත සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා.

ඒ අනුව නිවසේ සිට තමන්ට අවශ්‍ය ප්‍රතිකාර වෙත යොමුවන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර එමගින් රෝගීන්ට ද යම් සහනයක් ලැබෙන බවයි වාර්තා වන්නේ.

අත්‍යාවශ්‍ය හදිසි ප්‍රතිකාර සඳහා පමණක් රෝගීන් රෝහල් වෙත යොමුවන අතර අනෙකුත් ප්‍රතිකාර සහ වෛද්‍ය උපදෙස් නිවසේ සිට මාර්ගගත ක්‍රමය් ඔස්සේ රෝගීන්ට ලබාගත හැකියි.

රෝගීන්ගේ සිරුරට සම්බන්ධ කර ඇති ස්මාර්ට් වොච් වැනි උපකරණ මගින් වෛද්‍යවරුන්ට රෝගීන්ගේ හෘද කම්පනය, සිරුරේ උෂ්ණත්වය වැනි දත්ත ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

ඔස්ටින් හෙල්ත් (Austin Health) හෙද ඒකකයේ කළමනාකරු සඳහන් කළේ මෙම වැඩසටහන යටතේ අවදානම් සහිත රෝගීන් පිළිබද පැය 24 පුරා නිරීක්ෂණය කිරීමටත් ඔවුන්ට ඇති විය හැකි ආසාදන අවදානම අඩු කිරීමටත් හැකිබවයි.

ප්‍රාන්තය පුරා රෝහල් 45ක් දැනටමත් Home hospital වැඩසටහනට සම්බන්ධ වී ඇති අතර එම රෝහල් සඳහා ද මෙම virtual wards හඳුන්වා දීමටයි සැලසුම් කර ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ මෙම වැඩසටහන පුලුල් කිරීම සදහා අතිරේක ඩොලර් මිලියන 800ක අරමුදල් ආයෝජනය කිරීමට කටයුතු කරන බවයි.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »