ධාවනයට සූදානම් වූ ගුවන් යානය මිනිස් ජීවිතයක් බිලි ගනී

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්හි Schiphol ගුවන් තොටුපලේදී ගුවන් ගමනක් සඳහා සුදානම් වෙමින් තිබූ යානයක එන්ජිමකට හසුවීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

නෙදර්ලන්ත ජාතික ගුවන් සේවය මෙන්ම එරට පොලිසිය ද ඊයේ පස්වරුවේ සිදු වූ මෙම ඛේදවාචකය තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුර සිදුවන අවස්ථාව වන විට ගුවන් යානය ඇම්ස්ටර්ඩෑම් ගුවන් තොටුපළේ සිට ඩෙන්මාර්කයේ බිලුන්ඩ් වෙත කෙටි ගුවන් ගමනක් සඳහා පිටත් වීමට සූදානම් වෙමින් සිටි බව සඳහන්.

සිද්ධිය දුටු මගීන් සහ සේවකයන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරන බව ගුවන් සමාගම අවධාරණය කළා.

KL1341 ගුවන් යානය අනතුරත් සමග පැය කිහිපයක් ප්‍රමාද වූ අතර රාත්‍රී 8.30ට පමණ යළි ගුවන් ගත වී තිබුණා.

මියගිය පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මෙය හදිසි අනතුරක් ද නැතහොත් සියදිවි නසාගැනීමක් ද යන්න අනාවරණ වී නැහැ.

නෙදර්ලන්ත මාධ්‍ය ආයතන සඳහන් කර ඇත්තේ මියගිය පුද්ගලයා ගුවන් යානයක් ධාවන පථයට ගැනීමට පෙර එය පසුපසට තල්ලු කිරීමට සම්බන්ධ කණ්ඩායමේ සේවකයෙකු විය හැකි බවයි.

Schiphol යනු යුරෝපයට පියාසර කරන ගුවන් යානා හසුරුවනු ලබන ප්‍රධාන ගුවන් මධ්‍යස්ථානයක් වන අතර පසුගිය වසරේ එහි මගීන් මිලියන 61.9ක් මෙන්ම භාණ්ඩ ටොන් මිලියන 1.4කට ආසන්න ප්‍රමාණයක් හසුරුවා තිබෙනවා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »