හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Wagga Wagga නගර සභා ඡන්දයකින් ඔහුගේ නමින් ඇති ස්මාරකයක් ඉවත් කිරීමට සහ ක්‍රීඩාංගනයේ නම වෙනස් කිරීමටයි තීරණය කර ඇත්තේ.

කවුන්සිලයේ මන්ත්‍රීවරුන් අතර පැවති දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව මයිකල් ස්ලේටර් ඕවල් ක්‍රීඩාංගණයේ නම වෙනස් කිරීමේ යෝජනාව වැඩි ඡන්ද එකකින් සම්මත වී තිබෙනවා.

කවුන්සිලයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු පෙන්වා දුන්නේ ස්ලේටර්ගේ මෑතකාලීන දුර්වලතාවලට පෙර නගරයට ඔහු කළ දායකත්වය මෙන්ම ලැබූ ක්‍රීඩා ජයග්‍රහණ හේතුවෙන් නම වෙනස් නොකළ යුතු බව යි.

1990 දශකය පුරා ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම කීර්තිමත් නාමයක් වූ ස්ලේටර්ට චෝදනා එල්ල වීම ආරම්භ වූයේ කාන්තාවකට පහර දීම ඇතුලු අපයෝජන චෝදනා හේතුවෙන්.

ක්‍රීඩාවට කළ ගෞරවයක් වශයෙන් ඔවුන්ගේ නමින් ක්‍රීඩාංගනයක් නම් කෙරුණු හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනාගෙන් එක් අයෙක් ලෙසට මයිකල් ස්ලේටර් සැලකෙනවා.

පසුගිය 2023 වසරේ දෙසැම්බර් 5 සහ මෙම වසරේ අප්‍රේල් 12 අතර ක්වීන්ස්ලන්ඩ් හි සන්ෂයින් වෙරළ තීරයේ සිදු කළ බව කියන වැරදි සම්බන්ධයෙන් ස්ලේටර්ට චෝදනා 19ක් එල්ල වී තිබෙනවා.

නීතිවිරෝධී ලෙස ලුහුබැඳීම හෝ බිය ගැන්වීම, රාත්‍රියේ අනවසරයෙන් වාසස්ථානයකට කඩා වැදීම, පහරදීම, ශාරීරික හානියක් සිදු කරන පහරදීම සහ හුස්ම සිර කිරීම වැනි ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති බවයි පැවසෙන්නේ.

හිටපු ආරම්භක පිතිකරුවෙකු මෙන්ම සහ රූපවාහිනී විස්තර විචාරකයෙකු වන ඔහුට ඇප කොන්දේසි කඩකිරීම සහ ගෘහස්ථ හිංසන නියෝගයක් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ද චෝදනා 10 ක් පවතිනවා.

1993 වසරේ අළු බඳුන සංචාරයේදී සිය මංගල ගමන ආරම්භ කිරීමෙන් පසුව, ස්ලේටර් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 74කට ක්‍රීඩා කළ අතර ලකුණු 5312ක් රැස්කර ගෙන තිබෙනවා.

ඔහු ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් එක්දින ජාත්‍යන්තර තරග 42කට ද ක්‍රීඩා කළ අතර 2004 දී ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් අතර ස්ලේටර් රූපවාහිනී විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරමින් සිටියා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »