ඔස්ට්‍රේලියාවේ ඉන්න ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව ගැන අලුත්ම අනාවරණයක්

මෙම වසරේ මාර්තු මාසය වන විට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට පැමිණි ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 741,224 බව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා මගින් අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර සිසුන් වැඩි වශයෙන් වෙසෙන ප්‍රාන්තය ලෙසට නම්කර ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයයි.

එහි ජාත්‍යන්තර සිදුන් 281,784ක් සිටින බව සඳහන්.

වික්ටෝරියා ප්‍රාන්තය ජාත්‍යන්තර සිසුන් වැඩි වශයෙන් සිටින ප්‍රාන්ත අතරින් දෙවන ස්ථානයට පත්ව ඇති අතර එහි සිටින සිසුන් ගණන 223,784ක්.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය ජාත්‍යන්තර සිසුන් 104,016ක් සමග තුන්වන ස්ථානයට පත්ව ඇති අතර දකුණු ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර සිසුන් 42132ක් සමගින් 4වන ස්ථානයට පත්ව තිබෙනවා.

මේ අතර ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් අඩුවෙන්ම සිටින ප්‍රාන්තය නොදන් ටෙරිටරි වන අතර මාර්තු මාසය වන විට එහි සිටින ජාත්‍යන්තර සිසුන් ගණන 4421ක්.

ඔස්ට්‍රේලියානු අධ්‍යාපනය දෙපාර්තමේන්තුව මෙම සංගණනය සිදු කර ඇත්තේ මාර්තු මස අවසානය වන විට මෙරටට පැමිණි ජාත්‍යන්තර සිසුන්ගේ තොරතුරු අනුවයි.

මාර්තු මාසය වන විට ඔස්ට්‍රේලියාවට පැමිණි නව ජාත්‍යන්තර සිසුන් ගණන 107,644ක් වන අතර ඒ වන විටත් මෙරට අධ්‍යාපනය හදාරමින් සිටි සිසුන් සංඛ්‍යාව 633,580ක් වනවා.

ඒ අනුව මාර්තු මාසයේ අවසානය වන විට ඔස්ට්‍රේලියාවේ සිටින සමස්ත ජාත්‍යන්තර සිසුන් ගණන 741,224ක්.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »