T20 තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේ පළමු තැන වනිඳු හසරංගට

පන්දුවාර 20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග සමත්ව තිබෙනවා.

ප්‍රසාද ලකුණු 228 ලබා ගනිමින් වනිඳු හසරංග පෙරමුණට පැමිණ ඇති අතර එහි දෙවන ස්ථානය ලැබී ඇත්තේ ප්‍රසාද ලකුණු 223ක් ලබා ගත් බංග්ලාදේශයේ ශකීබ් අල් හසන්ටයි.

ප්‍රසාද ලකුණු 218ක් ලබා ගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ මොහොමඩ් නාබි පන්දුවාර 20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ තුන්වන ස්ථානයට පත්ව තිබෙනවා.

මේ අතර පන්දුවාර 20 තරගවල පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානයේ පසුවන්නේ ද ශ්‍රී ලංකා නායක වනිඳු හසරංගයි.

ඔහු ප්‍රසාද ලකුණු 687ක් ලබා දෙවන ස්ථානයේ සිටින අතර ලකුණු 722ක් ලැබූ එංගලන්තයේ Adil RASHID පළමු ස්ථානයේ පසුවනවා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »