
Temporary Skilled Migration වීසා කාණ්ඩයේ ආදායම් සීමාව ඩොලර් 73150 දක්වා වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන ජූලී පළමුවනදා සිට එම වීසා කාණ්ඩය යටතේ වූ ඩොලර් 70000 ආදායම් සීමාව ඩොලර් 73150 දක්වා වැඩි වනු ඇති.
ජූලි පළමු වනදා සිට Temporary Skilled Migration වීසා කාණ්ඩයට යොමු කරන නව අයදුම්පත් සඳහා ඩොලර් 73,150 හෝ වාර්ෂික වෙළඳපල වැටුප් අනුපාතය සපුරාලීමට අවශ්‍ය වන බවයි ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේ.

මෙම අදායම් සීමා වෙනස දැනට වීසා බලපත්‍ර හිමි පුද්ගලයන්ට සහ 2024 ජූලි 1ට පෙර ගොනු කරන ලද අයදුම්පත් සඳහා බලපැවැත්වෙන්නේ නැහැ.
වීසා සඳහා අවශ්‍ය නව නිපුණතා ඇතුළුව ඉදිරියේදී වෙනස් විය හැකි ආදායම් සීමාවන් ඇතුලු ක්‍රමවේදය පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබා දෙනු ඇති.

මේ පිළිබද යාවත්කාලීන වන තොරතුරු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බවයි වීසා අපේක්ෂකයන්ට දැනුම් දෙන්නේ.