සමන්තා මර්ෆි සොයන්න ගිය පොලිසියට නොසිතූ දෙයක් හමුවෙයි

බැලරට් ප්‍රදේශයෙන් අතුරුදන් වූ සමන්තා මර්ෆි සොයා අද ආරම්භ වූ විමර්ශනයේදී බැලරට් නගරයට ආසන්න ප්‍රදේශයේ වේල්ලක් අසල තිබී දුරකථනයක් ලෙස සැක කෙරෙන උපකරණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

51 හැවිරිදි මෙම කාන්තාව අවසන් වරට දැක තිබුණේ පසුගිය පෙබරවාරි 4 වනදා උදෑසන බැලරට් හි යුරේකා වීදියේ පිහිටි සිය නිවසින් ව්‍යායාම සඳහා පිටත්ව යන ආකාරයයි.

අතුරුදන් වූ ඇය සොයා මාස දෙකක් පුරා සිදු කළ පරීක්ෂණ නතර කර තිබූ අතර අද යළිත් ඇරඹුණු මෙහෙයුම් අතරතුරදී යි මෙම උපකරණ හමුවී ඇත්තේ.

සිදු කෙරෙන මෙහෙයුම් අතරතුර මෙම කාන්තාවට අයත් බවට සැක කෙරෙන උපකරණයක් සොයාගත් පළමු අවස්ථාව ද මෙයයි.

පරීක්‍ෂණ අවසන් වන තෙක් සොයා ගත් භාණ්ඩ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා නොදෙන බව පොලිස් ප්‍රකාශකයෙකු සඳහන් කළා.

එමෙන්ම සෝදිසි කිරීම් සඳහා සහභාගී නොවන ලෙස වික්ටෝරියා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

මෙම කාන්තාවගේ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් 22 හැවිරිදි තරුණයෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු යළිත් ලබන අගෝස්තු මාසයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »