ඕස්ට්‍රේලියාවේ වායු සමීකරණ භාවිත කිරීමේදී තියෙන නීති මෙන්න

ඔස්ලියාවේ වායු සමීකරණ භාවිතය සම්බන්ධයෙන් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට පවතීන නීති සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා.

වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක වීමේ දී එය අසල්වැසි නිවෙස්වල පදිංචිකරුවන්ට ඝෝෂාකාරී වන්නේ නම් ඒ පිළිබඳ පැමිණිලි කිරීමේ හැකියාව ද ඔවුන්ට පවතින බවයි දැනුම් දෙන්නේ.

ඒ අනුව අදාළ පැමිණිලි සම්බන්ධයෙන් සොයා බලා අධිකරණයට ඉදිරිපත් කිරීම, දඩ මුදල් පැනවීම වැනි නීතිමය පියවර ගැනීමට බලධාරීන්ට හැකියාව පවතිනවා.

ඒ අනුව නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වායුසමීකරණ භාවිත නීතිවලට අනුව සතියේ දිනවල රාත්‍රී 10 සිට පෙරවරු 7 දක්වාත්, සති අන්ත සහ රජයේ නිවාඩු දිනවල රාත්‍රී 10 සිට උදේ 8 දක්වාත් වායු සමීකරණ යන්ත්‍රයේ ශබ්දය අසල්වැසියන්ට ඇසීමට නොහැකි විය යුතුයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ දිවා කාලයේදී වායු සමීකරණ යන්ත්‍රයේ ශබ්දය ඩෙසිබල් පහකට වඩා නොඉක්මවිය යුතු අතර සතියේ දින වල රාත්‍රී 10 සිට උදෑසන 7 දක්වාත් සති අන්තවල සහ රජයේ නිවාඩු දිනවල රාත්‍රී 10 සිට උදෑසන 9 දක්වා එම ශබ්ද ඇසීමට නොහැකි විය යුතු බවයි සඳහන් වන්නේ.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මෙතෙක් ශබ්ද ප්‍රමිතියක් සකසා නොමැති අතර පාරිසරික ආරක්ෂණ පනත අනුව වායුසමීකරණ යන්ත්‍රවල ශබ්දය රාත්‍රී 10 සිට උදෑසන 7 දක්වා ඩෙසිබල් පහකට වැඩි නොවිය යුතු බව සඳහන්

මෙම නීති කඩකරන්නන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ජනතාවට අවස්ථාව ඇති අතර වැරදිකරුවන් වන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක වනු ඇති.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »