මදුරුවන්ගෙන් බෝවන රෝගයකට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් නව එන්නතක් සොයයි

මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සපලයිටීස් (Japanese encephalitis) වෛරසයට ප්‍රතික්‍රියා කිරීම සඳහා නව එන්නතක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

2022 වසරේදී ඔස්ට්‍රේලියානුවන් හත් දෙනෙකු මේ හේතුවෙන් මියගිය අතර මදුරුවන්ගෙන් බෝවන වෛරසය සඳහා මෙතෙක් නිශ්චිත එන්නතක් සොයාගෙන නැහැ.

මේ පිළිබඳ වසර දෙකක සිට අධ්‍යනයන් සිදුකර ඇති අතර එමගින් හෙළිවී ඇත්තේ වෛරසයෙන් වැඩි බලපෑමක් සිදු වන්නේ මිනිස් මොළයට බවයි.

මොළයේ ආසාදන ඇති කරන Japanese encephalitis වෛරසය මගින් ඔස්ටෙලියානුවන් බේරා ගැනීම සදහා නව පර්යේෂණ මේ වන විටත් ආරම්භ කර තිබුණද නිශ්චිත විසඳුම් සොයා ගැනීමට හැකියාවක් ලැබී නැහැ.

ඔස්ට්‍රේලියානු ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරි ආචාර්ය ඩැනියෙල් රෝල් පවසන්නේ වෛරසය වැළඳුණු රෝගීන්ගේ මොළයට සිදු වන බලපෑම හේතුවෙන් මියගොස් ඇති බවයි.

මේ වන විට ඔස්ට්‍රේලියාවෙන් Japanese encephalitis රෝගීන් 44ක් සොයාගෙනක ඇති අතර ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වයට දැඩි බලපෑම් එල්ල වී තිබුණා.

ඉලක්කගත ප්‍රතිකාර නොමැති වීමත්, මොළයේ ආසාදනවලට ප්‍රතිකාර කිරීම දුෂ්කර වීමත් හේතුවෙන් මෙවැනි පර්යේෂණ වෙනුවෙන් වන අරමුදල් පුලුල් කරමින් රජය සහාය විය යුතු බවයි විශේෂඥයින් වැඩිදුරටත් දන්වා ඇත්තේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »