ඔස්ට්‍රේලියානු දෙමාපියන්ගේ වැරදි වැඩක් ගැන සමීක්ෂණයක් තොරතුරු හෙළි කරයි

වෙනත් ඉහළ ආදායම් ලබන රටවල දෙමාපියන්ට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු දෙමාපියන් තම දරුවන්ට පහර දීම වැඩි බව නව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

සායනික මනෝවිද්‍යාඥවරියක් වන ආචාර්ය කැරොලිනා ගොන්සාලෙස් විසින් මෙම අධ්‍යනය සිදු කර ඇත්තේ බෙල්ජියම, කැනඩාව, ජර්මනිය, හොංකොං, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය සහ එක්සත් රාජධානිය යන රටවල් පදනම් කර ගනිමින්.

ආචාර්යවරිය පැවසුවේ ඔස්ට්‍රේලියානු දෙමාපියන් රජය විසින් පනවා ඇති තහනම් නියෝග නොතකා තම දරුවන්ට ශාරීරික දඬුවම් ලබාදීමේ ඉහළම මට්ටමක් වාර්තා කර ඇති බවයි.

පහරදීම වැනි ශාරීරික දඬුවම් ඵලදායී සහ පිළිගත හැකි විනය ක්‍රියාමාර්ගයක් ලෙසට සිතන දෙමාපියන් එය භාවිතා කිරීමට වැඩි පෙළඹීමක් ඇති වීම කනස්සල්ලට කරුණක් බවයි ආචාර්යවරිය කියාසිටියේ.

වයස අවුරුදු දෙකේ සිට 12 දක්වා වූ ළමයින්ගේ දෙමාපියන් 6700 කට අධික සංඛ්‍යාවක් මෙම පර්යේෂණයට සම්බන්ධ කර ගෙන තිබුණා.

එමගින් පෙන්නුම් කර ඇත්තේ එම දෙමව්පියන්ගෙන් සියයට 62.5ක් වයස අවුරුදු 18 සම්පූර්ණ වීමට පෙර තුන් වතාවක් හෝ ඊට වැඩි අවස්ථා ගණනකදී ශාරීරික දඬුවම්වලට මුහුණ දී ඇති බවයි.

එමෙන්ම ඔස්ට්‍රේලියානු දෙමාපියන්ගෙන් සියයට 53.7ක් අවම වශයෙන් එක් වරක් හෝ තම දරුවන්ට පහරදීම් සිදු කර ඇති බවයි අනාවරණ වන්නේ.

අධ්‍යයනයේ දී පරීක්‍ෂා කරන ලද රටවල් අටෙන් පහරදීම වැනි ශාරීරික දඬුවම් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත්තේ ජර්මනිය සහ ස්පාඤ්ඤයේ පමණයි.

ආචාර්ය කැරොලිනා ගොන්සාලෙස් පැවසුවේ ශාරීරික දඬුවම් තහනම් කිරීම අනාගතයට වාසිදායක වන අතර එම දඬුවම්වල ප්‍රතිවිපාක පිළිබඳව ද දෙමාපියන් දැනුවත් කළ යුතු බවයි.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »