ටයිටැනික් බලන්න යන්න ප්‍රකෝටිපතියෙකුගෙන් තවත් සබ්මැරීනයක්

මුහුදුබත් වී ඇති සුප්‍රකට නෞකාවක් වන ටයිටැනික් වෙත ගමන් කිරීම සඳහා නව සබ්මැරීනයක් නිර්මාණය කිරීමට ඇමරිකානු ප්‍රකෝටිපතියෙකු සැලසුම් කර තිබෙනවා.

ඕෂන් ගේට් සමාගමේ සබ්මැරීනයක් ටයිටැනික් නෞකාව වෙත ගොස් අනතුරට ලක්වීමේ සිදුවිමට වසරකට ආසන්න කාලයක් ගතවෙමින් තිබියදීයි ඔහු මෙම නව වැඩසටහන ක්‍රියාවට නැංවිමට සූදානම්ව ඇත්තේ.

ඇමරිකානු ප්‍රකෝටිපතියාගේ අරමුණ වී ඇත්තේ ටයිටැනික් නෞකාව ඇති ස්ථානය ආරක්ෂිතව ගවේෂණය කළ හැකි බව පෙන්වීම බව සඳහන්.

ඔහියෝ ප්‍රාන්තයේ දේපල වෙළඳාම්වල ප්‍රබලයෙකු වන ලැරී කෝනර් (Larry Connor) මෙම නව සබ්මැරීන ව්‍යාපෘතිය වෙනුවෙන් වියදම් කිරීමට අපේක්ෂිත මුදල ඩොලර් මිලියන 30ක්.

උතුරු අත්ලාන්තික් සාගර පතුලේ මීටර් 3800ක් ගැඹුරින් ඇති ටයිටැනික් නෞකාව වෙත පුද්ගලයින් දෙදෙනෙකු සමග ගමන් කළ හැකි සබ්මැරීනයක් මෙලෙස නිර්මාණය කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නව සබ්මැරීනය ට්‍රයිට්න් සබ්මැරින්ස් (Triton Submarines) සමාගමේ සම-නිර්මාතෘ පැට්‍රික් ලාහේ (Patrick Lahey) විසින් ඉදිකරනු ලබන අතර ඔහු සහ ලැරී කෝනර් එමගින් සුප්‍රසිද්ධ ටයිටැනික් නෞකාවේ සුන්බුන් වෙත ගමන් කරනු ඇති.

මෙම ගමන ආරක්ෂිතව කළ හැකි බව ඔප්පු කිරීම සහ අතිශයින් බලගතු වන සාගරය නැරඹීම නිවැරදි ක්‍රමවේද අනුගමනය කළ හොත් විනෝදජනක අත්දැකීමක් බව ඔප්පු කිරීම තම අරමුණ බව ඇමරිකානු ප්‍රකෝටිපතියා සඳහන් කළා.

ඔවුන් දෙදෙනාගේ මෙම සංචාරය සිදුවන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

පසුගිය වසරේ ජූනි 18 වනදා ඇමරිකා එක්සත් ජනපද ගවේෂණ සමාගමක් වන ඕෂන් ගේට් (Ocean Gate) විසින් ටයිටැනික් සුන්බුන් නැරඹීම සඳහා ගිය චාරිකාවක් අතර ටයිට්න් (Titan) සබ්මරිනය පුපුරා යාමෙන් පුද්ගලයන් පස් දෙනෙකු මරණයට පත්වුණා.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »