දකුණු ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසල්වල සිදු වන සොරකම් සංඛ්‍යාව ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ ඉහළ ගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.
ප්‍රාන්තයේ සොරකම් ආශ්‍රිත අපරාධවල වැඩි වීමක් පවතින අතර ජීවන වියදම් හමුවේ පීඩාවට පත්වූ බොහෝ පිරිසක් සුපරි වෙළඳසල් මගින් අහාර ඇතුලු ද්‍රව්‍ය සොරකම් කරන බවයි වාර්තා වන්නේ.
දකුණු ඔස්ට්‍රේලියා පොලිසිය විසින් නිකුත් කරන ලද නවතම අපරාධ සංඛ්‍යාලේඛන වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය 2023 වසර තුළ එවැනි සොරකම් සියයට 29කින් ඉහළ ගොස් ඇති බවයි.
මෙම සොරකම් ඉහළ යාම ප්‍රාන්ත රජයට සීමා වූ ගැටලුවක් පමණක් නොව, සමාජ ආර්ථික අර්බුධ රැසකට හේතු වූ ජාතික ප්‍රවණතාවක් බව පොලිස් කොමසාරිස් ග්‍රාන්ට් ස්ටීවන්ස් පෙන්වා දෙනවා.
මෙම තත්වය මත වෙළඳසල්වලට සිදුවන පාඩු අවම කිරීමේ අරමුණින් සොරකම්වලට නිරන්තරයෙන් ලක්වන ව්‍යාපාර සමග පොලිසිය එක්ව කටයුතු කරන බවයි කොමසාරිස්වරිය අවධාරණය කළේ.
සොරකම් කිරීම් සියයට 58ක් පමණ සිදු වී ඇත්තේ නාගරික ප්‍රදේශ තුළ වීම විශේෂත්වයක්.
මෙවැනි වංචා ඉහළ යාම මෙන්ම වෙළඳසල් සේවකයන්ට එරෙහි හිංසන හේතුවෙන් Woolworths සහ Coles ඇතුළු සුපිරි වෙළඳසැල් සේවකයන්ගේ ඇඳුම්වල කැමරා සවි කිරීම ඇතුලු නවීන තාක්ෂණික ක්‍රමවේද රැසක් අනුගමනය කර තිබෙනවා.