ශ්‍රී ලංකාවට යන ඔස්ට්‍රේලියානුවන්ට ෆෙඩරල් රජයෙන් උපදෙස් මාලාවක්

ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වීමේදී විශේෂ කරුණු කිහිපයක් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඔස්ට්‍රේලියානු සංචාරකයින්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ෆෙඩරල් රජයේ සංචාරක උපදේශන වෙබ් අඩවිය වන ස්මාර්ට් ට්‍රැවලර් (Smart traveler) ඔස්ට්‍රේලියානුවන්ට උපදෙස් දී ඇත්තේ ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා සමගාමීව ඇතිවිය හැකි හදිසි තත්වයන් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි.

ෆෙඩරල් රජය ඔස්ට්‍රේලියානුවන්ට දැනුම් දෙන්නේ සංචාරය කිරීමේදී තම වටපිටාව පිළිබඳ දැනුවත් වීම, මාධ්‍ය තොරතුරු පිළිබඳ යාවත්කාලීන වීම මෙන්ම පළාත් පාලන ආයතනවල උපදෙස් පිළිපදින ලෙසටයි.

ජනාධිපතිවරණය හා සමගාමීව පවතින පෙළපාලි හේතුවෙන් සංචාරයන් සදහා ද බලපෑම් ඇතිවිය හැකි අතර පොදු ප්‍රවාහනයට පවා බලපෑම් ඇතිවිය හැකි බව Smart traveler ඔස්ට්‍රේලියානුවන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

හදිසි අවස්ථා ප්‍රකාශ කළ හැකි අතර කෙටි දැනුම්දීමකින් ඇඳිරි නීතිය පැනවිය හැකි බැවින් අදාළ ලියකියවිලි සහ හැඳුනුම් ලේඛන සෑම විටම තමන් සතුව රැගෙන යන ලෙසටයි දැනුම් දෙන්නේ.

ක්‍රෙඩිට් කාඩ් වංචා, වැඩිපුර මුදල් අයකිරිම්, ව්‍යාජ භාණ්ඩ අළෙවිය වැනි ක්‍රියාවන්ට හසු නොවන ලෙස ද පූර්ව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

කොළඹ වෛද්‍ය සේවා ඔස්ට්‍රේලියානු ප්‍රමිතීන්ට වඩා අඩු වන අතර කොළඹින් පිටත ඒවා ඉතාම සීමිත බව මෙම උපදෙස් මාලාවේ සඳහන්.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »