මෙල්බන්හි ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක් ස්වේච්ඡා පරිපාලනයට

මෙල්බන්හි බටහිර සන්ෂයින් (sunshine) පෞද්ගලික රෝහල ස්වේච්ඡා පරිපාලනයට ඇතුල්වී තිබෙනවා.

ඩොලර් මිලියන 140ක වටිනාකමකින් යුත් මෙම පෞද්ගලික රෝහල 2023 වසරේ මාර්තු මාසයේදී යි විවෘත කර ඇත්තේ.

මාස 12ක් වැනි කෙටිකාලයක් තුළ මෙම රෝහල ස්වේච්ඡා පරිපාලනයට එක්වීම විශේෂ අවධානයට යොමුවී ඇති කරුණක් බවයි පැවසෙන්නේ.

මේ වන විටත් රෝහලේ ශල්‍යකර්ම අවලංගු කර ඇති අතර ඒ සඳහා බලාපොරොත්තුවෙන් සිටි රෝගීන් වෙනත් රෝහල් වෙත මාරු කර ඇති බව සඳහන්.

නිවේදනයක් නිකුත්කරමින් රෝහල් පරිපාලනයකියාසිටියේ රෝහලේ කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යෑම සඳහා අරමුදල් ප්‍රමාණවත් නොවන බවයි.

දැනට පැවති ශල්‍යකර්ම අවලංගු කර ඇති අතර මේ සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබෙනවා.

ඇඳන් 51 කින් සමන්විත මෙම රෝහල ඔස්ට්‍රේලියාවේ පළමූ පූර්ණ Electric පෞද්ගලික රෝහල ලෙසටයි ප්‍රචාරණය කර තිබුණේ.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »