Tattoos කරනවා නම් මේ ගැන අවධානයෙන් ඉන්න

සිරුරේ Tattoos ගැසීම කිරීම නොහොත් පච්ච කෙටීම තුළින් ලිම්ෆෝමා (lymphoma) නම් පිලිකාව වැළඳීමේ අවදානම් සාධකයක් විය හැකි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

ස්වීඩනයේ ලුන්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යයනයක් ඊ ක්ලිනිකල් මෙඩිසින් (e Clinical Medicine) වෛද්‍ය සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇති අතර එහි දැක්වෙන්නේ ටැටූ සම්බන්ධයෙන් සිදු වන දිගුකාලීන සෞඛ්‍ය බලපෑම් පිළිබඳව පර්යේෂණයක් සිදු කර ඇති බවයි.

සිරුරේ Tattoo නොමැති පුද්ගලයන්ට සාපේක්ෂව සිරුරේ Tattoo ඇති පුද්ගලයන්ට ලිම්ෆෝමා වැළඳීමේ අවදානම සියයට 21කින් වැඩි වී ඇති බවයි සමීක්ෂණ ප්‍රතිඵලවලින් පෙනී ගොස් ඇත්තේ.

ලිම්ෆෝමා රෝගීන් 1400ක් ද ඇතුළුව 11,000කට වැඩි පිරිසක් පිළිබඳ අධ්‍යයනයෙන් විමසීමට ලක් කර තිබෙනවා.

දුම්පානය සහ වයස වැනි අනෙකුත් අදාළ සාධක සැලකිල්ලට ගැනීමෙන් පසු Tattoo ඇති අය අතර ලිම්ෆෝමා වර්ධනය වීමේ අවදානම සියයට 21කින් වැඩි බවයි පෙනී ගොස් ඇතැයි සඳහන්.

පර්යේෂකයන් විසින් Tattoo තුළින් ඇති විය හැකි වෙනත් පිළිකා වර්ග අතර සම්බන්ධතා ද විමර්ශනය කරන බව ප්‍රකාශ කර තිබෙනවා.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »