සියලුදෙනා අපේක්ෂාවෙන් සිටි පනතක් වික්ටෝරියා පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විෂමාචාර හැසිරීම් මැඩ පැවැත්වීම සඳහා වික්ටෝරියා ප්‍රාන්ත රජය නව පනතක් ඉදිරිපත් කර තිබෙනවා.

දේශපාලනඥයින්ගේ නුසුදුසු ක්‍රියාකාරකම් මර්දනයට වික්ටෝරියා රජය දීර්ඝ කාලයක් මෙම නව නීති ඉදිරිපත් කිරීමේ සූදානමින් පසු වුණා.

නව නීති යෝජනා පනත සම්මත වුවහොත් දුෂණ වංචා හෝ අපචාර ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වන මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු සාමාජිකත්වය අත්හිටුවීමට සහ දඩ මුදල් නියම කිරීමට ද හැකියාව පවතිනවා.

එළඹෙන ශීත ඍතු නිවාඩුවෙන් පසුව නව නීති පිළිබඳ ප්‍රාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඡන්දයක් පැවැත්වීමට ද නියමිතයි.

ප්‍රාන්ත රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නව නීති යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම්, ආචාරධර්ම කඩකිරීම් මෙන්ම පාර්ලිමේන්තු දීමනා අවභාවිත කිරීම පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල පාර්ලිමේන්තු කොමිසමක් ද පිහිටුවීමට යෝජනා කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කොමිසමට බලතල හිමිවනු ඇති.

අගමැතිනි ජසින්ටා ඇලන් සඳහන් කළේ මෙය සමස්ත ඔස්ට්‍රේලියාවේ ම පාර්ලිමේන්තු ආචාර ධර්ම සම්බන්ධයෙන් වූ වැදගත්ම ප්‍රතිසංස්කරණය බවයි.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »