Search

ඔස්ට්‍රේලියාවට එන්න බලාගෙන ඉන්න අයට නව වීසා ක්‍රමවේදයක්

මෙම වසර අවසානය වන විට නව ජාතික නවෝත්පාදන වීසා (National Innovation visa) බලපත්‍රයක් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියා රජය සැලසුම් කර තිබෙනවා.

වීසා ගයිඩ් වල්ර්ඩ් (Visa Guide World) වෙබ් අඩවිය වාර්තා කළේ එම නව වීසා බලපත්‍රය හඳුන්වා දීමත් සමග වත්මන් ව්‍යාපාර නවෝත්පාදන සහ ආයෝජන වීසා (BIIP) සහ ගෝලීය කුසලතා වීසා (Business Innovation and Investment visa (BIIP), and the Global Talent visa) බලපත්‍ර අහෝසි කෙරෙනු ඇති බවයි.

2024-2025 මුල්‍ය වර්ෂය සඳහා ක්‍රියාත්මක සංක්‍රමණ වැඩසටහනට අදාළව ෆෙඩරල් රජය විසින් මෙම නව වීසා ක්‍රමවේද ක්‍රියාත්මක කරනු ලබනවා.

සුවිශේෂී දක්ෂතා ඇති විදේශිකයන් විශාල ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම, නව ජාතික නවෝත්පාදන වීසා බලපත්‍රය හඳුන්වා දීමේ අරමුණයි.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව කියා සිටියේ නව වීසා බලපත්‍ර ක්‍රමය හඳුන්වාදීම හේතුවෙන් 2023-2024 මුල්‍ය වර්ෂයේදී ව්‍යාපාර නවෝත්පාදන සහ ආයෝජන ක්‍රමවේදයෙන් ලබා දුන් 1900ක් වූ වීසා ප්‍රමාණය 1,000 දක්වා අඩු කර ඇති බවයි.

රජයේ නව සංක්‍රමණ සැලැස්ම යටතේ Global Talent Visa වැඩසටහන සඳහා මෙම මුල්‍ය වර්ෂයේදී වීසා 4,000 දක්වා අඩු කර තිබෙනවා.

BIIP වීසා බලපත්‍ර ලබන ජූලි මාසයේ සිට ස්ථිරව අහෝසි කෙරෙන අතර ව්‍යාපාර නවෝත්පාදන සහ ආයෝජන වීසා බලපත්‍රය (Business Innovation and Investment (Provisional) (subclass 188) සඳහා නව අයදුම්පත් තවදුරටත් ගොනු කිරීමට නොහැකි බව සඳහන්.

ඔස්ට්‍රේලියා රජය පැවසුවේ නව වීසා බලපත්‍රය හරහා ඉහළ කාර්යසාධනයක් සහිත ව්‍යවසායකයින්, ගෝලීය පර්යේෂකයන් සහ ප්‍රධාන ආයෝජකයින් ඇතුළු සුවිශේෂී දක්ෂතා ඇති සංක්‍රමණිකයන් සඳහා මාර්ගයක් විවෘත වන බවයි.

නව වීසා බලපත්‍රය හඳුන්වාදීම සඳහා වූ ක්‍රියාමාර්ග, නිශ්චිත කුසලතා සහ අවශ්‍ය ලකුණු සම්බන්ධයෙන් තවමත් කරුණු සාකච්ඡා වෙමින් පවතිනවා.

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »