රිය අනතුරු මරණ අඩු කරන්න ෆෙඩරල් රජයෙන් සැලසුමක්

2030 වසර වන විට ඔස්ට්‍රේලියාවේ මහා මාර්ග ආශ්‍රිත අනතුරුවලින් මිය යන සංඛ්‍යාව සියයට 50කින් අඩු කිරීමට ෆෙඩරල් රජය සූදානම් වනවා.

ඒ සඳහා ප්‍රාන්ත සහ ටෙරිටරිවලට මූල්‍යාධාර සැපයීමට ද පියවර ගෙන ඇති බව සඳහන්.

අනතුරු අවම කර ගැනීම සඳහා විශේෂඥ සහාය ලබා ගැනීම රජයේ වගකීමක් බවයි ඔස්ට්‍රේලියා ඔටෝ මොබිල් කළමනාකාර අධ්‍යක්ෂ මයිකල් බ්‍රැඩ්ලි කියා සිටින්නේ.

මාර්ග ආශ්‍රිත අනතුරුවලින් පුද්ගලයන් මිය යාම කෙරෙහි අවධානය යොමු කරන මෙල්බන් විශ්ව විද්‍යාලයේ නාගරික ප්‍රවාහන සහ මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය මාක් ස්ටීවන්සන් කියාසිටියේ රථවාහන වේගයෙන් ධාවනය කිරීම අනතුරු වැඩි සංඛ්‍යාවකට හේතුව බවයි.

මේ සම්බන්ධයෙන් රියදුරන් දහසකගේ පමණ දත්ත ලබාගෙන ඇති අතර වේගය සීමා කිරීමට උපදෙස් ලබා දුන්නද එය සිදු නොවන බව එමගින් හෙළිවී තිබෙනවා.

රියදුරන්ගේ වෙහෙස, අධික වේගය, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය මාර්ග අනතුරු රැසකට හේතුවී ඇති බව සඳහන්.

එම හේතු අවම කිරීමෙන් රජයේ ඉලක්ක වෙත ළඟාවිය හැකි බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »