ජනපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකට කල් දාන්න එජාපයෙන් යෝජනාවක්

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර 2කට කල් දැමීමට යෝජනාවක් එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙනවා.

අවශ්‍ය වන්නේ නම් ඊට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ජනමත විචාරණයකට යාමට වුව ද සූදානම් බවටයි පක්ෂය සඳහන් කර ඇත්තේ.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මෙම අදහස් පළ කළා.

ආර්ථික බංකොලොත් භාවයකට පත්ව තිබු රට යථා තත්වයට ගෙන එමින් පවතින අවස්ථාවක සිදු කළ යුත්තේ මැතිවරණ පැවැත්වීම නොව සියලුදෙනා එක්වී රට ගොඩ නැගීම බවයි ඔහු සඳහන් කළේ.

විපක්ෂ නායකවරයා මෙන්ම ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර ඇතුලු දේශපාලනඥයන් එක්වී ජනාධිපතිවරයාට තවත් වසර දෙකක කාලයකට ධුරයේ කටයුතු කිරීමට සහාය ලබාදිය යුතු බව ද පාලිත රංගේබණ්ඩාර කියාසිටියා.

මෙම යෝජනාව සඳහා සියලු පක්ෂවල මෙන්ම සියලු මන්ත්‍රීවරුන්ගේ වගකීම වන අතර බුද්ධිමත්ව සිතා බලා තීරණයක් ගන්නා ලෙසටයි එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා ඉල්ලා සිටියේ.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »