ඔස්ට්‍රේලියාවේ ස්ට්‍රෝබෙරි ගම්මානයක් ශ්‍රී ලංකාවේ

නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ආදර්ශ ගම්මානය තුළ සිදු කෙරෙන ස්ට්‍රෝබෙරි වගාවේ පැළ රෝපණ කටයුතු මේ වන විට අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ගම්මාන හතරක් පදනම් කර ගනිමින් ස්ථාපිත කිරීමටයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත්තේ.

රුපියල් මිලියන 20ක වියදමින් ගොවීන් 50ක් යොදා ගනිමින් ආරක්ෂිත හරිතාගාර 42ක් තුළ මෙම ස්ට්‍රෝබෙරි වගාව ආරම්භ කර තිබෙනවා.

අපනයනය කළ හැකි සෑම පළතුරු සහ එළවළු වගාවක් සඳහාම ආදර්ශ ගම්මානයක් බැගින් පිහිටුවීමට පියවර ගන්නා ලෙසට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් ලබා දී ඇති උපදෙස් අනුව මෙම ස්ට්‍රෝබෙරි ආදර්ශ වගා ගම්මානය ස්ථාපිත කර ඇතැයි සඳහන්.

මෙම ස්ට්‍රෝබෙරි වගාව සඳහා ඔස්ට්‍රේලියාවේ සිට මෙරටට ආනයනය කරන ලද ස්ට්‍රෝබෙරි පැළ ගොවීන් අතර බෙදා දීමට පියවර ගෙන තිබුණා.

ඒ අනුව හරිතාගාර තුළ පැළ රෝපණ කටයුතු මේ වනවිට මුළුමනින්ම අවසන් කර ඇති බවයි ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එම්.එච්. එල්. අබේරත්න කියාසිටියේ.

නව කෘෂි තාක්ෂණය ගොවි ජනතාවට හඳුන්වා දීම සදහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ පිළිවෙළ යටතේ සියයට 25ක මුදල් සහන පදනමක් යටතේ මෙම ආරක්ෂිත ගෘහ ලබා දීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ සඳහා මෙම වසර තුළ රුපියල් මිලියන 320ක මුදලක් ශ්‍රී ලංකා රජය විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇතැයි සඳහන්.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »