කොවිඩි නීති උල්ලංඝණයට පැනවූ දඩ අය කර ගන්න නව වැඩසටහනක්

කොවිඩ් වසංගත සමයේ නිකුත් කර තිබූ මහජන සෞඛ්‍ය උපදෙස් සහ දේශසීමා නීති උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ දඩ මුදල් අය කර ගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

අදාළ නීති කඩ කිරීම් සම්බන්ධයෙන් පනවනු ලැබූ ඩොලර් මිලියන 3.6ක පමණ දඩ මුදලක් එකතු කර ගැනීම නව වැඩසටහනේ අරමුනයි.

ණය නොගෙවන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් රජය අනතුරු අඟවා තිබෙනවා.

මෙම වසරේ මැයි මාසය වන විට, නොගෙවා ඇති දඩ 2,186ට අදාළව ඩොලර් මිලියන 3.6ක් පමණ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයට අය විය යුතුව ඇතැයි සඳහන්.

මෙම වසරේ අප්‍රේල් වන විට පැවති මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 1.3කට වඩා වැඩි බවයි වාර්තා වුයේ.

මෙලෙස නොගෙවූ ණයවල එකතුවට ප්‍රමාද ගාස්තු ද ඇතුළත් වන අතර අර්ධ වශයෙන් ගෙවා ඇති දඩ මුදල්වල හිඟ මුදල් ප්‍රමාණයන්ද ඇතුළත් වනවා.

ණයගැතියා මිය ගොස් ඇති විට, සොයා ගැනීමට නොහැකි වූ විට හෝ ණය අයකර නොගැනීමට සාධාරණ හේතුවක් පවතින්නේ නම් පමණක් එම දඩ මුදල් අත්හැර දැමීමට හැකියාවක් පවතින බවයි වාර්තා වන්නේ.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »