Search

එළඹෙන සති අන්තයේ කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක්

එළඹෙන සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාපතනයක් පවතිනු ඇති බවට කාලගුණ අංශ අනතුරු අඟවනවා.

සති අන්තයේ සමස්ත රටෙන් සියයට 80ක පමණ ප්‍රදේශයකට වැසි ඇති වන බවයි පැවසෙන්නේ.

අද කාලගුණ විද්‍යා කාර්යාංශයේ වාර්තා අනුව සිඩ්නි නුවරට එළඹෙන සිකුරාදා ආරම්භ වන වර්ෂාව ලබන සතියේ සඳුදා දක්වා පවතිනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

මෙල්බර්න් සහ ඒ අවට ප්‍රදේශවලට බ්‍රහස්පතින්දා ආරම්භ වන වර්ෂාව ඉරිදා දක්වා පවතිනු ඇතැයි අපේක්ෂිතයි.

දකුණු ඔස්ට්‍රේලියානු අගනුවර වන ඇඩිලේඩ් අවට ප්‍රදේශවලට ද බ්‍රහස්පතින්දා ආරම්භ වන වර්ෂාව සඳුදා දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

බ්‍රිස්බේන් නගරයට අද සිට වර්ෂාව ආරම්භ වන අතර එම තෙත් සහිත කාලගුණය සතිය පුරා පවතින බව සඳහන්.

ඇතැම් ප්‍රදේශවලට පැයට කිලෝමිටර් 40ක පමණ සුළං ද පැවතිය හැකි බැවින් සැලකිලිමත් වන ලෙසට ඔස්ට්‍රේලියානුවන්ට උපදෙස් දී තිබෙනවා.

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »