ඩොලර් 100 නෝට්ටුව ගැන ජනතාවට දැනුම්දීමක්

විදෙස් රටකදී ඔස්ට්‍රේලියානු ඩොලර් 100 නෝට්ටුවක් මාරු කිරීමට යාමේදී සිදු වූ අපහසුතාවක් පිළිබඳ ඔස්ට්‍රේලියා සංචාරකයෙකු විසින් ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ ඔස්ට්‍රේලියානු ඩොලර් 100ක මුදල් නෝට්ටුවක් තායිලන්තයේදී මාරුකිරීමට යෑමේදී ප්‍රතික්ෂේප වීමත් සමගයි.

ප්‍රතික්ෂේප වූ නෝට්ටුව සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරමින් අදාළ පුද්ගලයා පෙන්වා දෙන්නේ ඩොලර් 100 නොට්ටුවෙහි වූ නිල්පැහැති සලකුණක් හේතුවෙන් මෙලෙස ප්‍රතික්ෂේප වූ බවයි.

එය එම නෝට්ටුවට අදාළව යොදා ඇති සලකුණක් වන අතර එය මතුවී පෙනීම හේතුවෙන් ප්‍රතික්ෂේපව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සංචාරකයා යෙදු Facebook සටහන සඳහා බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වා ඇති අතර තායිලන්තයේ විදේශ මුදලක් මාරු කිරීමේදී සැළකිලිමත් වන ලෙස වැඩි දෙනෙකු දන්වා තිබුණා.

නෝට්ටුවේ යම් ලියවිල්ලක් තිබේ නම් හෝ එය තරමක් ඉරී ඇත්නම් කිසිසේත් එම මුදල් නෝට්ටු තායිලන්තයේදී පිළිනොගන්නා බවයි බොහෝ දෙනෙකු සඳහන් කර ඇත්තේ.

මුදල් භාවිත කිරීමේදී තමන්ට ලැබෙන මුදල් නෝට්ටු ගැන සැළකිලිමත් විය යුතු අතර විදේශයන්හි එම මුදල් මාරු කිරීමට පෙර එම රටවල්වල නීතිමය තත්වයන් ද දැනගැනීම වැදගත් වනු ඇති.

මෙවැනි තත්වයන් තුළ මුදල් භාවිතයෙන් ඉවත් වී මුදල් රහිත සමාජයක් කරා ජනතාව යොමු කිරීමට මාර්ගයක් විවර කළ යුතු බවයි ඇතැම් පිරිස් ප්‍රකාශ කළේ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »