මෙල්බන් බලා ආ ගුවන් යානයක කලබලයක් නිසා හදිසි ගොඩබැස්වීමක්

පර්ත් සිට මෙල්බර්න් දක්වා පියාසර කරමින් තිබූ වර්ජින් සමාගමේ යානයක් මගියෙකුගේ කලහකාරී හැසිරීමක් හේතුවෙන් නැවත පර්ත් වෙත හදිසි ගොඩබැස් වීමක් සිදු කර තිබෙනවා.

ඒ වන විට ගුවන් යානය පර්ත් වෙතින් පිටත් වී මෙල්බන් බලා පැයක පමණ කාලයක් ගමන් කර තිබූ බවයි වාර්තා වන්නේ.

ඊයේ සිදු වූ ගුවන් ගමන අතරතුර මෙම මගියා නියමු කුටිය අසලට ගොස් එහි දොරවල්වලට ගැසීමට පටන්ගෙන තිබුණා.

මෙම කලහකාරී තත්වය හේතුවෙන් ගුවන් යානය පර්ත් වෙත නැවත ගොඩබස්වන තෙක් ගුවන් සේවකයන් දෙදෙනෙකු විසින් සැකකරුට මාංචු දමා රඳවාගෙන තිබෙනවා.

පර්ත් වෙත පැමිණි අවස්ථාවේදී මෙම මගියා ෆෙඩරල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

වර්ජින් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තම ප්‍රමුඛතාවය වන අතර බලපෑමට ලක් වූ මගීන් ඇතුලු සංචාරකයන්ගෙන් සමාව අයැද සිටින බවයි.

මෙම ප්‍රමාදය හේතුවෙන් ඇතැම් ගුවන් මගීන් මෙල්බර්න් බලා යන වෙනත් ගුවන් යානයකින් පිටත්ව ගිය අතර ඇතැමුන් හෝටල් බලා ගිය බවයි වාර්තා වන්නේ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »