ශ්‍රී ලංකාව ආසියාවේ හොඳම සංචාරක ගමනාන්ත අතරට

2024 වසරේ ආසියානු කලාපයේ රටවල් අතරින් දෙවන ජනප්‍රියම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය ආයතනයක් වන ටයිම්ස් ඔෆ් ඉන්දියා විසින් ලැයිස්තුගත කර ඇති ආසියාවේ ජනප්‍රියම සංචාරක ගමනාන්ත අතරින් පළමු තැන හිමිවී ඇත්තේ ඉන්දුනීසියාවේ බාලි දූපත් සමූහය වෙතටයි.

ටයිම්ස් ට්‍රැවල් (Times Travel) විසින් ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇත්තේ සංස්කෘතික උරුමයන්, සිත් ඇදගන්නා සුළු වෙරළ තීරයන්, සශ්‍රීක තේ වතු සහ විවිධ වන සතුන් සඳහා ප්‍රසිද්ධ දූපතක් ලෙසයි.

ශ්‍රී ලංකාව ඉන්දුනීසියාව, තායිලන්තය, ඉන්දියාව, කාශ්මීරය, වියට්නාමය, අන්දමන් දූපත්, නේපාලය සහ ජපානය ද ආසියානු කලාපයේ ජනප්‍රියම සංචාරක ගමනාන්ත ලෙස ලැයිස්තුගත කර තිබෙනවා.

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වාර්තා පෙන්වා දෙන්නේ මෙම ගමනාන්තයන් තුළ සංචාරකයන්ට විවිධ සංස්කෘතික අත්දැකීම්, ස්වභාවික සුන්දරත්වය සහ විවිධ ආකර්ෂණිය ස්ථාන දැක බලා ගැනීමට හැකිවන බවයි.

එමන්ම සංචාරකයන්ට එම ස්ථාන නැරඹීම තුළින් ආසියාවේ අමතක නොවන සංචාර අත්දැකීමක් ලැබෙනු ඇති බව ද සඳහන් කර තිබෙනවා.

මේ අතර ගතවූ මාස පහක කාලය තුළ ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයින් අට ලක්ෂ හැට හතර දහස් අසූ දෙකක් (864,082) පැමිණ ඇති අතර එය පසුගිය 2023 වසරේ පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාවෙන් අඩකට වැඩි අගයක් ගන්නවා.

එම සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් ඉන්දියාවෙන් පැමිණි පිරිස වන අතර එම සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 143,848 ලෙසටයි.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »