සිඩ්නි Cooks ගං ඉවුරේ දරු ප්‍රසූතියක් කළ මව සොයා මෙහෙයුම්

සිඩ්නිහි කුක්ස් ගං ඉවුරේදී කාන්තාවක් දරු ප්‍රසූතියක් සිදු කර ඇති බවට සාක්ෂි හමුවීම හේතුවෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ගං ඉවුරේ තිබී වැදෑමහක් සහ පෙකණි වැලක් හමුවීමෙන් අනතුරුවයි නිව් සවුත්වේල්ස් පොලිසිය මෙම මව සහ බිළිඳා සෙවීම ආරම්භ කර ඇත්තේ.

තම සුරතල් සුනඛයා සමග ඇවිද යමින් සිටි පුද්ගලයෙකුට මෙම කොටස් හමුවී පොලිසියට දැනුම් දී තිබෙනවා.

ඊයේ සවස 4.30ට පමණ වාර්තා වූ මෙම තොරතුරත් සමග පොලිසිය දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළ අතර එය රාත්‍රිය පුරා ක්‍රියාත්මක කෙරුණා.

මෙම හදිසි සෝදිසියේ අරමුණ මවගේ සහ දරුවාගේ සෞඛ්‍ය ආරක්ෂාව වන අතර තොරතුරු දන්නා ඕනෑම කෙනෙකුට පොලිසියට දැනුම් දෙන ලෙසටයි ඉල්ලීමක් කෙරුණේ.

පොලිස් අධිකාරී ක්‍රිස්ටීන් මැක්ඩොනල්ඩ් පැවසුවේ මෙම දරු උපත සිදු වූයේ ගං ඉවුරේ ද නැතහොත් වෙනත් ස්ථානයක ද යන්න මෙතෙක් පැහැදිලි වී නොමැති බවයි.

හැකි ඉක්මනින් මව සහ දරුවා සොයා ගැනීම අතිශය හදිසි අවශ්‍යතාවයක් වන අතර මෙම සිදුවීම පිළිබඳ දැනුවත් අයෙක් සිටී නම් ඔවුන් රෝහල් ගත කරන ලෙසට ද පොලිසිය දැනුම් දෙනවා.

පොලිස් අධිකාරීවරයා කියාසිටියේ ගංගාව ඇතුලු අනෙකුත් ප්‍රදේශ සෝදිසි කරන අතර අවශ්‍ය නම් පොලිස් කිමිදුම්කරුවන් ද කැඳවන බවයි.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »