T20 ලෝක කුසලානයේ පෙර පුහුණු තරගවලට ඔස්ට්‍රේලියා කණ්ඩායමට ක්‍රීඩකයන්ගේ හිඟයක්

එළඹෙන පන්දුවාර 20 ලෝක කුසලානය තරඟාවලියට අදාළ පෙර පුහුණු තරග වෙනුවෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායම ක්‍රීඩක හිඟයකට මුහුණදී තිබෙනවා.

ඒ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩා කර විවේක ගැනීම හේතුවෙන්.

IPL තරගාවලියේ අවසන් මහා තරගය පැවති කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් දෙක තුළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ක්‍රීඩකයන් තුන් දෙනෙකු ක්‍රීඩා කළා.

ඒ ට්‍රැවිස් හෙඩ්, පැට් කමින්ස් සහ අවසන් මහා තරඟයේ වීරයා වූ මිචෙල් ස්ටක් යන ක්‍රීඩකයන් තිදෙනා යි.

මෙම තිදෙනාට අමතරව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලේ සාමාජිකයන් වූ කැමරන් ග්‍රීන් සහ ග්ලෙන් මැක්ස්වෙල් ලෝක කුසලාන සංචිතය සමඟ ඉදිරියේදී එක්වනු ඇති.

මෙම ක්‍රීඩකයන්ගේ හිඟය හේතුවෙන් ලබන මාසයේ පැවැත්වෙන 20-20 ලෝක කුසලානයට අදාළ පෙරහුරු තරඟ සඳහා ආදේශක පන්දු රකින්නන් ලෙස සහාය ක්‍රීඩකයන් භාවිතා කිරීමට සිදුවනු ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියා කණ්ඩායම හෙට නැමීබියාවට එරෙහිව සහ සිකුරාදා බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ට්‍රිනිඩෑඩ්හිදී පෙරහුරු තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

නමුත් කණ්ඩායමේ වැඩි දෙනෙකු IPL තරඟාවලියෙන් පසු විවේකයක් ගන්නා බැවින් එම තරඟ දෙක සඳහා ඇත්තේ ක්‍රීඩකයින් අට දෙනෙකු පමණ පිරිසක් පමණයි.

නායක මිචෙල් මාෂ් ද මස්පිඬු ආබාධයකින් සුවය ලබමින් සිටින බැවින් නැමීබියාවට එරෙහි තරගයට ක්‍රීඩා නොකරන බව සඳහන්.

ICC නීතිරීතිවලට අනුව, පුහුණු තරඟ සඳහා එක්වන ක්‍රීඩකයින් එම කණ්ඩායමට අදාළ රටෙහි ක්‍රීඩකයන් විය යුතු වනවා.

මේ හේතුවෙන් හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් වන ඇන්ඩෲ මැක්ඩොනල්ඩ්, බ්‍රැඩ් හොජ්, ජෝර්ජ් බේලි සහ ඇන්ඩ්‍රේ බොරොවෙක් වැනි සහායක ක්‍රීඩකයින් සමග ඉදිරි පුහුණු තරග පැවැත්වීමට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »