විදුලි රැහැනක් නිසා සිඩ්නි මාර්ග කිහිපයක රථ වාහන තදබදයක්

කඩා වැටුණු විදුලි රැහැනක් හේතුවෙන් සිඩ්නි සැහැල්ලූ දුම්රිය සේවයට දැඩි බාධාවක් මතුවී තිබෙනවා.

මේ හේතුවෙන් මාර්ගයේ ගමනා ගමනයට මෙන්ම දුම්රිය ප්‍රමාදයන්ට ද ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රවාහන කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ කෙන්සිංටන් හි මාර්ගයේ වයරයක් කඩා වැටීම හේතුවෙන් L3 කිංග්ස්ෆර්ඩ් මාර්ගයේ ට්‍රෑම් රථ මුවර් පාර්ක් සහ ජූනියර්ස් කිංග්ස්ෆර්ඩ් අතර ධාවනය නතර කර ඇති බවයි.

Anzac Parade හි දකුණු දෙසට යන මංතීරුව ටොඩ්මන් සහ ඩොන්කැස්ටර් අතරින් වසා දමා ඇති අතර මෝටර් රථ සහ බස් වෙනත් මාර්ග වෙත හරවා යවා තිබෙනවා.

අවදානම් විදුලි රැහැන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කරන අතර, ප්‍රදේශය අවට දැඩි රථවාහන තදබදයක් ද හටගෙන ඇති බව සඳහන්.

මෙම පද්ධතිය යථා තත්වයට පත් කරන තෙක් විකල්ප ප්‍රවාහන ක්‍රමවේද භාවිතා කරන ලෙස සිඩ්නි වැසියන්ට උපදෙස් දී තිබෙනවා.

ප්‍රවාහන කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, මෝටර් රථ රියදුරන් ප්‍රවේශම් විය යුතු අතර හදිසි සේවා සහ රථවාහන හැසිරවීමේ නිලධාරීන්ගේ උපදෙස් අනුගමනය කළ යුතු බවයි.

මෙම ප්‍රමාදය සිදු වී ඇත්තේ ලබන බදාදා සැහැල්ලු දුම්රිය සේවකයින් වැඩ වර්ජනයක් ද සැලසුම් කර ඇති අවස්ථාවකයි.

මෙම වර්ජනය හේතුවෙන් ලබන බදාදා උදේ 8 සිට 10 දක්වා සහ සවස 4 සිට සවස 6 දක්වා L1, L2 සහ L3 මාර්ගවල කිසිදු ට්‍රෑම් රථයක් ධාවනය නොවනු ඇති.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »