බටහිර ඔස්ට්‍රේලියාවේ ගිනි අවි සම්බන්ධ නීති දැඩි කිරීමට පියවර

පසුගියදා පර්ත්හි සිදුවූ වෙඩි තැබීමකින් මවක් සහ ඇයගේ දියණිය ඝාතනයෙන් පසු ගිනි අවි සම්බන්ධ නීති දැඩි කරන බවට බටහිර ඔස්ට්‍රේලියානු අගමැති රොජර් කුක් පොරොන්දු වී තිබෙනවා.

පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ වෙඩි තබා සිය දිවි හානි කර ගත් 63 හැවිරිදි පුද්ගලයා තම හිටපු සහකාරිය සොයමින් සිට ඇති බවයි.

මෙම සිදුවීමත් සමග ප්‍රාන්තයේ ගිනි අවි සම්බන්ධ නීති තවදුරටත් දැඩි කිරීම ගැන සලකා බලන අතර ඊට අදාළ නීති ප්‍රතිසංස්කරණ අද විවාදයට ගැනීමට නියමිත බව අගමැතිවරයා ප්‍රකාශ කළා.

රජය විසින් ගෘහස්ථ හිංසනය වැළැක්වීම සහ ඊට අදාළ කටයුතු වෙනුවෙන් ප්‍රාන්ත රජය ඩොලර් මිලියන 400 කට වඩා වැඩි මුදලක් ආයෝජනය කරන බව සඳහන්.

මේ අතර පොලිස් අමාත්‍ය පෝල් පැපාලියා පැවසුවේ මෙම වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු බලපත්‍ර ලාභී ගිනි අවි හිමිකරුවෙක් බවයි.

ඔහුට පෙර වැරදි කිසිවක් නොමැති බව ද පොලිස් අමාත්‍යවරයා අනාවරණ කළා.

මෙම අපරාධ සඳහා ද ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධ බව පොලිසිය සඳහන් කළ ද ඒ සම්බන්ධ නිශ්චිත කරුණු හදිසි මරණ පරීක්ෂණයෙන් පසුව ප්‍රකාශ කෙරෙනු ඇති.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »