කුරුළු උණ නිසා සතුන් ලක්ෂ 5කට අත්වු ඉරණම

ඔස්ට්‍රේලියාවේ කුකුළු කර්මාන්තය කුරුළු උණ රෝගයෙන් බේරා ගැනීමේ උත්සාහයක් ලෙස නිරිතදිග වික්ටෝරියාහි මෙරඩිත් ප්‍රදේශයේ ගොවිපළ හිමිකරුවෙකු කුකුළන් 500,000 කට වඩා මරා දැමීමට පියවර ගෙන තිබෙනවා.

මෙම සිදුවීම දැඩි කම්පන සහගත ක්‍රියාවක් වුවද රට පුරා කුකුල් ගොවිපල පමණක් නොව ආහාර සැපයුම් දාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගනු ලබන දැඩි පියවරවල යථාර්ථය එය බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.

මෙම පුද්ගලයා සතුව කුකුළු ගොවිපළ දෙකක් පවතින අතර දැඩි නිරෝධායන සීමාවන් යටතේ ඔහුගේ ගොවිපළවල් වසා දමා තිබෙනවා.

වෛරසය වික්ටෝරියා ප්‍රාන්තයේ අනෙකුත් ගොවිපළ වෙත පැතිරීම පාලනය කිරීමට රජයේ බලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බවයි සඳහන් වන්නේ.

සම්මත ආරක්ෂණ ක්‍රියාමාර්ගවලට අනුව වික්ටෝරියා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රාන්තය පුරා ව්‍යාප්තව ඇති අනෙකුත් කුකුල් ගොවිපළවල් ද දැඩි අධීක්ෂණයට ලක් කරමින් සිටිනවා.

බ්‍රහස්පතින්දා වන විට වෛරසය ටෙරං හි තවත් ගොවිපලකින් අනාවරණය වූ අතර එහි කුකුළන් 150,000 කට වඩා විනාශ කළ යුතු බව සඳහන්.

මේ අතර පසුගිය සෙනසුරාදා, එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වික්ටෝරියා ප්‍රාන්තයෙන් කුකුළු මස් නිෂ්පාදන ආනයනයට සීමා පැනවීමට ද පියවර ගනු ලැබුවේ කුරුළු උණ ව්‍යාප්තිය හේතුවෙන්.

නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම, ධීවර හා වන විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම කුරුළු උණ රෝගය තුරන් කිරීමට ඔස්ට්‍රේලියාව විශේෂ අවධානයකින් කටයුතු කරමින් සිටින බවයි.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »