Search

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යාමෙන් මියගිය ගණන 2000 ඉක්මවන බවට තොරතුරු

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයක සිදු වූ නායයාමෙන් පුද්ගලයන් 2000ක් පමණ මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

එරට ජාතික ආපදා මධ්‍යස්ථානය වාර්තා කළේ මෙම දැවැන්ත නායයෑමෙන් පුද්ගලයන් 2000ක් පමණ මිහිදන් වී ඇතැයි සැක කෙරෙන අතර දිවි ගලවා ගත් අය සොයා ගැනීමට තවමත් මෙහෙයුම් සිදු කරන බවයි.

පසුගිය සිකුරාදා එංගා ප්‍රදේශයේ මෙම නායයාම සිදු වූ අතර මියගොස් ඇති බවට ප්‍රකාශ කෙරෙන නවතම සංඛ්‍යාව මීට පෙර ඇස්තමේන්තු කළ සංඛ්‍යාවලට වඩා තියුණු ඉහළ යාමක්.

මෙම නාය යෑම සිදු වූ අවස්ථාවේ ම එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ පුද්ගලයන් 100ක් පමණ මිය යන්නට ඇති බවයි.

එය පසුව 670 දක්වා සංශෝධනය කෙරුණු අතර ලැබී ඇති නව වාර්තා අනුව මේ වන විට ප්‍රකාශ වන්නේ මියගිය පිරිස 2000 ඉක්මවා ඇති බවයි.

නාය යෑමෙන් පුද්ගලයන් 2000කට වැඩි පිරිසක් වැළලී ඇති අතර ගොඩනැගිලි විනාශ වී රටේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කළ බව ජාතික ආපදා මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිපියක් යවමින් සඳහන් කර තිබෙනවා.

නාය ගිය භුමි ප්‍රදේශයේ පවතින අස්ථාවරත්වය ගලවා ගැනීමේ කණ්ඩායම්වල මෙහෙයුම් සඳහා ද බාධාවක් වී ඇති බවයි පැවසෙන්නේ.

ප්‍රදේශයට ප්‍රවේශ විය හැකි ප්‍රධාන අධිවේගී මාර්ගය ද නාය යාමෙන් සහන සේවා ළඟා වීම ද සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව සඳහන්.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »