කටුනායකට එන වාහනවලට විශේෂ නිවේදනයක්

කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීම් පර්යන්තයෙන් පිටත වාහන නවතා තැබීම ක්‍රමවත් කිරීම සඳහා ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව රියදුරෙක් නොමැති වාහන එම ස්ථානයේ නවතා තැබීම තහනම් වන අතර ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් රැගෙන යෑමට එන වාහන අදාළ රථගාල්වල සිට නියමිත වේලාවට පමණක් පැමිණීමේ පර්යන්තය අසලට පැමිණිය යුතුයි.

රියදුරු සහිතව ද වාහන තදබදයක් ඇතිවන පරිදි විනාඩි 30කට වඩා එම ස්ථානයේ ගැවසෙන වාහන සඳහා ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් පිටතට යනවිට විශේෂ ගාස්තුවක් අය කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

මෙහි අරමුණ වන්නේ අයථා අරමුණු සඳහා වාහන සහ පුද්ගලයින් ගුවන්තොටුපොළ පරිශ්‍රයට පැමිණීම පාලනය කිරීම බවයි ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම සඳහන් කළේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »