ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාවේ වැරදි නැඹුරුවක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනාවරණයක්

ලොව පුරා වැඩිහිටි ජනගහනයට සාපේක්ෂව තරුණ ප්‍රජාව ඊ- දුම්වැටි වෙත යොමුව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

මැයි 31 දිනට යෙදී ඇති ලෝක දුම්කොළ විරෝධී දිනයට සමගාමීව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ගෝලීය දුම්කොළ කර්මාන්තයේ නිරීක්ෂණ කණ්ඩායමක් එක්ව ලොව පුරා ඉලෙක්ට්‍රොනික් දුම්වැටි භාවිත කරන්නන් පිළිබද අධ්‍යනයක් සිදුකර තිබුණා.

ගෝලීය වශයෙන් වයස අවුරුදු 13ත් 15ත් අතර ළමුන් මිලියන 37ක් දුම්කොළ භාවිතා කරන බව එම වාර්තා පෙන්වා දෙන අතර බොහෝ රටවල නව යොවුන් වියේ පසුවන්නන් විද්‍යුත් දුම්වැටි භාවිතයේ අනුපාතය වැඩිහිටියන්ට වඩා වැඩි බවයි අනාවරණය වන්නේ.

සමීක්ෂණයට ලක් කරන ලද අවුරුදු 15 වයස සීමාවේ ළමයින්ගෙන් සියයට 20ක් පසුගිය දින 30 තුළ විද්‍යුත් දුම්වැටි භාවිත කළ බව පවසා තිබුණා.

දුම්කොළ භාවිතය අවම කිරීමේ සැලකිය යුතු ප්‍රගතියක් තිබියදීත්, විද්‍යුත් දුම්වැටි සහ අනෙකුත් දුම්කොළ සහ නිකොටින් නිෂ්පාදන බිහිවීම දුම්කොළ පාලනයට බරපතල තර්ජනයක් බව සඳහන්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ ඊ දුම්වැටි තරුණ ප්‍රජාවගේ සිත් ඇදගන්නා රසයෙන් සහ ඇසුරුම්වලින් නිර්මාණය කිරීම හේතුවෙන් වඩාත් වේගයෙන් ව්‍යාප්ත වන බවයි.

ඊ දුම්වැටි දුම්කොළ රසයෙන් පමණක් ලබා ගත හැකි නම්, තරුණ දුම්වැටි භාවිතා කරන්නන්ගෙන් සියයට 70 කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන් ඉවත් වන බව ඇමරිකා එක්සත් ජනපදයේ පර්යේෂණයකින් හෙළි ව තිබෙනවා.

තනි භාවිත ඊ දුම්වැටි සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව තුළ තනහම් පණවා තිබුණ ද තවදුරටත් ඔස්ට්‍රේලියාව තුළ නීති විරෝධී ලෙස එම භාවිතයන් ඉහළගොස් ඇති බවයි අනාවරණය වන්නේ.

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 14 සහ ඊට වැඩි පුද්ගලයින් 5 දෙනෙකුගෙන් එක් අයෙක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක්වත් විද්‍යුත් දුම්වැටි භාවිතා කර ඇති බව වාර්තාවී තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »