ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 295.37ක් ලෙස සහ විකුණුම් මිල රුපියල් 304.99 ක් ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු ඩොලර් එකක අද දිනයේ ගැණුම් මිල මහ බැංකු වාර්තාවට අනුව රුපියල් 194.16ක් වන අතර විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 204.15ක් ලෙසටයි.

සෙලාන් බැංකුවේ ඇමරිකා එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව පැවතින අතර එය පිළිවෙලින් රුපියල් 293.75ක් සහ රුපියල් 303.25ක් ලෙස දැක්වෙනවා.

NDB බැංකුවේ ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 292.85 සිට රුපියල් 293.50ක් දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් මිල රුපියල් 303.85 සිට රුපියල් 304.50ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 294.24 සිට රුපියල් 294.59ක් දක්වා සහ රුපියල් 304.20 සිට රුපියල් 304.56 දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන්.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 293.33 සිට රුපියල් 293.58ක් දක්වා සහ රුපියල් 303.50 සිට රුපියල් 303.75 දක්වා ඉහළ ගියා.

මේ අතර, සම්පත් බැංකුවේ ඇමරිකා එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාත රුපියල් 295 සිට රුපියල් 295.50ක් දක්වා සහ විකුණුම් අනුපාතය රුපියල් 304 සිට රුපියල් 304.50 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »