ජනප්‍රිය සංචාරක ගමනාන්තයක ප්‍රබල භූ චලනයක්

ටොංගා දූපත් කලාපයේ රික්ටර් මාපකයේ 6.6 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබෙනවා.

භූ කම්පනයත් සමග ටොංගා බලධාරීන් ජනතාවට උපදෙස් ලබාදී ඇත්තේ උස් බිම් ප්‍රදේශ කරා ගමන් කරන ලෙසටයි.

කම්පනයත් සමග සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති අතර සිදු වූ හානියක් පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.

එරට වේලාවෙන් පෙරවරු 9:30ට පමණ කම්පනය වාර්තා වූ බව සඳහන්.

මේ අතර ඔස්ට්‍රේලියා කාලගුණ විද්‍යා කාර්යාංශය පවසන්නේ මෙම භූ කම්පනය හේතුවෙන් ඕස්ට්‍රේලියාවට සුනාමි තර්ජනයක් නොමැති බවයි.

එහි අපකේන්ද්‍රය නුකුඅලෝෆා අගනුවරට කිලෝමීටර් 198ක් උතුරින් වූ ප්‍රදේශයක කිලෝමීටර් 112ක් ගැඹුරින් සටහන් වී ඇතැයි සඳහන්.

හවායි හි පිහිටි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවේ භූමිකම්පාවෙන් සුනාමියක් ඇතිවීමේ අවදානමක් නොමැති බවයි.

ලෝකයේ භූමිකම්පා සහ ගිනිකඳු ක්‍රියාකාරකම් බොහොමයක් සිදු වන පැසිෆික් සාගරය වටා ඇති භූ කම්පන දෝෂ සහිත පැසිෆික් ගිනි වළල්ල මත පිහිටි දූපත් කලාපයක් වන ටොංගා නිරන්තරයෙන් භූ කම්පනවලට ගොදුරු වනවා.

මෙම භූ කම්පනය වාර්තා වූයේ වනුආටු දූපත් වල රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබල භූ කම්පනයක් සිදුවී දිනකට පසුවයි.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »