මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය සිකුරාදා රාත්‍රී 7ට පමණ වෙස්ට්ෆීල්ඩ් ප්ලෙන්ටි වැලි සාප්පු මධ්‍යස්ථානය තුළදී මෙම පිහි ඇනුම සිදුවී තිබුණා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 15 හැවිරිදි පිරිමි ළමයාට බේකරියක සේවකයෙකු ඇතුලු කාර්ය මණ්ඩලයට පහර දුන් බවට චෝදනා එල්ලවී තිබෙනවා.

පිහි අනුමෙන් තුවාල ලැබූ කාන්තාවක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබුණේ ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුවයි.

පෞද්ගලික ආරවුලක් මත මෙම පිහි ඇනුම සිදුවන්නට ඇති බවටයි පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණ කරගෙන ඇත්තේ.

සැකකාර බාල වයස්කරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කළා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »