2024 සංචාරක සහ සංචරණ සංවර්ධන දර්ශකයේ 76 වන ස්ථානය ශ්‍රී ලංකාවට

2024 සංචාරක සහ සංචරණ සංවර්ධන දර්ශකයෙහි 76 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ති‌බෙනවා.

ලෝක ආර්ථික ෆෝරමය මගින් මෙම දර්ශකය සකස් කර ඇති අතර මෙවර එය නිකුත් කර ඇත්තේ 2019 වසරෙන් පසුව වීම විශේෂත්වයක්.

මීට පෙර නිකුත් කෙරුණු වාර්තාවේ ශ්‍රී ලංකාව 75 වැනි ස්ථානයේ පසුවු අතර වසර හතරකට පසුව ශ්‍රී ලංකාව එක් ස්ථානයක් පසුපසට ගොස් තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 3.69ක්. මෙය 2019 වසරේදී ද ශ්‍රී ලංකාව ලබාගෙන තිබූ ලකුණු සංඛ්‍යාවම වීම තවත් විශේෂත්වයක්.

මෙම දර්ශකය සකස් කිරීමේදී ලොව රටවල් 119ක් ආවරණය වන පරිදි සිදු කළ සමීක්ෂණ දත්ත යොදා ගෙන තිබෙන අතර එම රටවල සංවර්ධනයට දායකත්වය ලබාදීම සහ සංචාරක සහ සංචරණ ක්ෂේත්‍රය තුළ රාජ්‍යයන් ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණ සලකා බලා ඇති බව සඳහන්.

මෙම දර්ශකයේ දකුණු ආසියානු කලාපය තුළ ඉහළම ස්ථානය හිමිව ඇත්තේ ඉන්දියාවට වන අතර ඒ 39 වැනි ස්ථානයයි.

මෙම දර්ශකයේ පළමු ස්ථානය ඇමරිකා එක්සත් ජනපදය වෙත හිමිව ඇති අතර ඔවුන් ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 5.24ක්.

දෙවැනි ස්ථානයේ පසුවන ස්පාඤ්ඤයට ලකුණු 5.18ක්ද, තෙවැනි ස්ථානයේ පසුවන ජපානයට ලකුණු 5.09ක්ද හිමිව තිබෙනවා.

එසේම ලකුණු 5.07ක් ලබාගනිමින් ප්‍රංශය සිව්වැනි ස්ථානයටත් ලකුණු 5 බැගින් ලබාගනිමින් ඔස්ට්‍රේලියාව සහ ජර්මනිය පිළිවෙලින් පස්වැනි සහ හය වැනි ස්ථාවලත් පසුවනවා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »