Sydney Metro දුම්රිය පද්ධතියට නව නැවතුම් පොළක්

වසර පහකට පසු සිඩ්නිහි මෙට්‍රෝ දුම්රිය ජාල පද්ධතියට නවතම දුම්රිය නැවතුම් ස්ථානයක් පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා‍.

ඒ අනුව මෙම වසර අවසානයේ වෝටර්ලූ (Waterloo) නම් නව දුම්රිය ස්ථානයේ සේවා ආරම්භ වන අතර මෙය සිඩ්නිහි City Metro මාර්ගයේ නව දුම්රිය නැවතුම් හයෙන් පළමුවැන්න ලෙසයි හැඳින්වෙන්නේ.

නව දුම්රිය ස්ථානයත් සමග City Metro සේවාව සඳහා තවත් මගීන් 19,000 කට ආසන්න ප්‍රමාණයක් පැමිණෙනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

මෙම නව දුම්රිය ස්ථානයේ විශේෂත්වය වනුයේ වෝටර්ලූ සිට නගරයට ගමන් කරන මගීන්ට මිනිත්තු දෙකකින් මධ්‍යම දුම්රිය ස්ථානයට සහ මිනිත්තු අටකින් බරන්ගරූ වෙත පැමිණීමට හැකි බවයි.

දුම්රිය ස්ථානය විවෘත කිරීමට පෙර ජාතික දුම්රිය ආරක්ෂණ නියාමක කාර්යාලයෙන් අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වන අතර එම කටයුතු සිදුවන බවයි වාර්තා වන්නේ.

අනෙකුත් අවශ්‍ය පියවරයන් අත්හදා බැලීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා.

මෙය ආදිවාසී උරුමයට ගෞරව කරන සහ වෝටර්ලූ ඉතිහාසයට උපහාර දක්වන කැපී පෙනෙන ස්ථානයක් බව ප්‍රවාහන අමාත්‍ය ජෝ හේලන් සඳහන් කළා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »