ඕස්ට්‍රේලියාව සිය දේශ සීමා ජාත්‍යන්තර සංචාරයන් සඳහා විවෘත කරන්නේ කවදාද​? අගමැති මොරිසන් ගෙන් පිළිතුරු!

කොරෝනා වයිරස් එන්නත් ඕස්ට්‍රේලියාව පුරා පුළුල් ලෙස ලබා දීමෙන් පසු ජාත්‍යන්තර දේශසීමා නැවත විවෘත කළ හැකි යැයි අගමැති ස්කොට් මොරිසන් බලාපොරොත්තු වන බවට ප්‍රකාශ කර තිබේ.

එළඹෙන සඳුදා සිට ඕස්ට්‍රේලියාව පුරා කොරෝනා එන්නත් ලබා දීම ආරම්භ කිරීමත් සමඟ ඕස්ට්‍රේලියානු රජය අපේක්‍ෂා කරන්නේ මේ වසර අවසානය වන විට ඕස්ට්‍රේලියානුවන්ට සාමාන්‍ය ජන ජීවිතය නැවත ඇරඹීමට හැකි වනු ඇති බවයි.

කොරෝනා එන්නත් ලබා දීමේ මෙම වැඩපිළිවෙල ඔක්තෝම්බර් මාසයේදී අවසන් කිරීමට රජය අපේක්ෂා කරයි.

අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එන්නත් මගින් කොරෝනා වයිරස් අවදානම වෙනස් කිරීමට ඉඩ ඇති අතර එමඟින් රට පුරා දේශ සීමාවන් හදිසියේ වසා දැමීම් ඇතුලු නීති පැනවීම් අතහැර දැමිය හැකි බවයි.

හෝටල් නිරෝධායන, දේශසීමා සහ සෞඛ්‍ය සේවකයින්ට ලබන සතියේ එන්නත් ලබා ගැනීම ආරම්භ කරන නමුත් එය අනිවාර්ය නොවේ.

සමහර සේවකයින්ට කොරෝනා එන්නත් ලබා ගැනීම​ අනිවාර්ය කරන්නේ දැයි ෆෙඩරල් සහ ප්‍රාන්ත රජයන් හි සෞඛ්‍ය නිලධාරීන් නිරීක්ෂණය කරමින් සිටින බව මොරිසන් තවදුරටත් පැවසීය.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »