වාහන නතර කිරීමට වැඩිම මිලක් අය කෙරෙන නගරය බවට බ්‍රිස්බේන් පත්වෙයි

බ්‍රිස්බේන් නගරයේ වාහන නැවැත්වීමේදී අය කෙරෙන මුදල මේ වන විට ඔස්ට්‍රේලියාවේ වාහන ගාල් කිරීමේදී ය කෙරෙන වඩාත්ම ඉහළම මිල බවට අනාවරණ වී තිබෙනවා.

බ්‍රිස්බේන්හි දැන් අය කෙරෙන මිල ඔස්ට්‍රේලියානු අගනුවරක අය කෙරෙන ඉහළම මිල බවයි සඳහන් වන්නේ.

එය මෙතෙක් වැඩිම මුදලක් අය කෙරෙනු සිඩ්නි අග නගරයේ මිල ද අභිබවා යාමක් වනවා.

බ්‍රිස්බේන්හි වාහන නතර කිරීමේ සාමාන්‍ය ගාස්තුවකට දිනකට උපරිම වශයෙන් ඩොලර් 79.83ක් වන අතර සිඩ්නිවල එම මුදල ඩොලර් 77.67ක්.

රේ වයිට් කෝපරේට් විසින් විශ්ලේෂණය කරන ලද දත්තවලට අනුව මෙම තොරතුරු හෙළිවී ඇති අතර එහි ප්‍රධාන පර්යේෂක වැනේසා රේඩර් පැවසුවේ ඓතිහාසික ලෙස සිඩ්නිහි වාහන නැවැත්වීමේ පිරිවැය වැඩි වූයේ රථ ගාල් සහ කාර්යාලවල රථ ගාල් අනුපාතය අඩු වීම හේතුවෙන් බවයි.

රක්ෂණය හෝ ලියාපදිංචිය වැනි අනෙකුත් මෝටර් රථ ආශ්‍රිත වියදම්වලට වඩා වාහන නැවැත්වීමේ පිරිවැයට වැඩි අවධානයක් මෝටර් රථ හිමියන්ට ඇති බව මෙම සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

මේ අතර ක්වීන්ස්ලන්ඩ් රජය අගෝස්තු මාසයේ සිට සියලුම පොදු ප්‍රවාහනය සඳහා ශත 50ක ගාස්තුවක් ද ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

පොදු ප්‍රවාහන ගාස්තු අඩු කර ඒ වෙත ජනතාව ආකර්ෂණය කර ගනිමින් මාර්ග තදබදය අවම කර ගැනීම මෙම වැඩසටහනේ අරමුණයි.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »