ඇමරිකාවේ අයහපත් කාලගුණයෙන් ළමයින් ඇතුලු 15ක් මියයයි

ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයකට බලපෑ අයහපත් කාලගුණයෙන් ළමයින් දෙදෙනෙකු ඇතුලු 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අයහපත් කාලගුණයෙන් ටෙක්සාස්, ඔක්ලහෝමා සහ ආර්කන්සාස් යන ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු ගිලන් රථයකින් සහ හෙලිකොප්ටරයකින් රෝහල් ගත කර ඇති බව ද සඳහන්.

කුණාටුවට පෙර ආරක්‍ෂිත ස්ථානවලට යන ලෙසට ජනතාවට අනතුරු අඟවා ඇති අතර මෙමගින් දරුණුතම හානිය සිදු වූයේ ඩලස් හි උතුරේ සිට ආර්කැන්සාස් හි වයඹ කෙළවර දක්වා විහිදෙන කලාපයකයි.

එක්සත් ජනපදයට බලපෑ මෙම කාලගුණය හමුවේ නිවාස රැසක් ද විනාශ වී ඇති අතර එළිමහන් විවාහ මංගල්‍යයක අමුත්තන් ද තුවාල ලැබුවන් අතර වන බව සඳහන්.

ප්‍රදේශය පුරා නිවාස දහස් ගණනකට විදුලිය විසන්ධි වීම් ද වාර්තා වනවා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »