
ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.
මෙලෙස ලබාදීමට නියමිත මන්දිරය වර්ග අඩි තුන්දහසකින් සහ කාමර 10කින් සමන්විත අති සුඛෝපභෝගී මන්දිරයක් බවයි සඳහන් වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩොලර් මිලියන 80කට සිදු කෙරුණු මෙම නිවාස ගණුදෙනුව මෙතෙක් ඩුබායි නුවර සිදුකර ඇති ඉඩම් මිල දී ගැනීම් අතරින් දෙවැනි විශාලතම මිල දී ගැනීම බවයි.

එමෙන්ම, මුකේෂ් අම්බානි විසින් මිල දී ගත් මෙම මන්දිරය නවීකරණය කිරීමේ කටයුතු මේවන විට සිදුවෙමින් පවතින බව සඳහන්.
මේ අතර මුකේෂ් අම්බානිගේ පුත්‍රයා සුපිරි මගී යාත්‍රාවක තවත් මහා මංගල සාදයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

අනන්ට් අම්බානි සහ රාධිකා මර්චන්ට් සමඟ බොලිවුඩ් තරු ඇතුළු අමුත්තන් 800ක් පමණ ඉතාලියේ සිට ප්‍රංශය බලා යාත්‍රා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මෙම යුවළ මාර්තු පසුගිය මාසයේදී ද දීර්ඝ විවාහ උත්සවයක් පැවැත්වූ අතර විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ අම්බානිවරු තවත් සැණකෙළි මාලාවක් සමඟින් ඔවුන්ගේ දීප්තිමත් විවාහ සැමරුම් තවදුරටත් සිදු කරගෙන යන බවයි.
ලබන සතියේ සුඛෝපභෝගී නෞකාව ආරම්භ කරන බව පැවසෙන සාදයට අමුත්තන් 800ක් සහ කාර්ය මණ්ඩලය 600ක් පමණ පිරිසක් සමඟ ඉතාලියේ සිට ප්‍රංශයේ දකුණට යාත්‍රා කිරීමට නියමිත බව වාර්තා වනවා.
ෂාරුක් ඛාන්, රන්බීර් කපූර් සහ ආලියා භාත් ඇතුළු බොලිවුඩ් තරු ඔවුන් සමඟ සංචාරයට එක්වනු ඇති බවෛය් සඳහන් වන්නේ.
මෙම මංගල උත්සවයේ කොටසක් ලෙස මෙම යුවළ මාර්තු මාසයේදී ජනප්‍රිය පුද්ගලයන් රැසක් සඳහා සාද පැවැත්වූ අතර එහිදී ජනප්‍රිය පොප් ගායිකා රිහානා ද ගායනයෙන් දායක වඋණා.
මෙටා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් සහ ප්‍රිසිලා චෑන්, මයික්‍රොසොෆ්ට් සම-නිර්මාතෘ බිල් ගේට්ස් සහ ඉවන්කා ට්‍රම්ප් ද ඇතුලු ලොව ජනප්‍රිය මෙන්ම ධනවතුන් රැසක් ඊට එක්ව සිටියා.
මුකේෂ් අම්බානිගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය පැවැත්වෙන්නේ ලබන ජූලි මස 10 වැනිදා සිට 12 වැනිදා දක්වා බව පැවසුන ද එය සිදු කෙරෙන ස්ථානයක් පිළිබඳ මෙතෙක් හෙළිවී නැහැ.
මුකේෂ් අම්බානි Fortune 500 සමාගමේ Reliance Industries හි සභාපතිවරයා වන අතර Bloomberg Billionaires දර්ශකයට අනුව ඇමරිකානු ඩොලර් බිලියන 114ක වත්කම් ඔහු සතුයි.
ඔහු ලොව ධනවතුන් අතර 12 වැනි ස්ථානයේ සිටින අතර ලැයිස්තුවේ මීළඟ ඉන්දියානුවා වන ගෞතම් අදානිට වඩා ඇමරිකානු ඩොලර් බිලියන 5ක වත්කම් ඔහු සතු බවයි සඳහන් වන්නේ.