
ඔස්ට්‍රේලියාවේ ඉහළම විශ්වාසදායක සන්නාම 15 පිළිබඳ නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු අලෙවිකරණ ක්ෂේත්‍රයේ පර්යේෂණ සිදු කරන Catalyst විසිනුයි ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක වෙළඳ නාම පිළිබඳ මෙම අධ්‍යනය සිදුකර ඇත්තේ.
ජනතාවගේ විශ්වාසය මෙන්ම අලෙවිය සහා ඉල්ලුම මත පදනම්ව මෙම වාර්තා නිකුත් කර ඇති අතර ඒ අනුව ඔස්ට්‍රේලියානුවන් අතර වඩාත් ජනප්‍රිය වෙළද නාමය ලෙස Dettol නම් කර තිබුණා.

1935 වසරේ සිට විෂබීජ නාශක දියරයක් ලෙස ඔස්ට්‍රේලියානුවන් අතර වඩාත් ජනප්‍රියතාවක් Dettol වෙළද සන්නාමය හිමිකරගෙන තිබෙනවා.
එම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය බෑන්ඩ්-ඒඩ් හිමිකරගෙන ඇති අතර තෙවන ස්ථානය කැඩ්බරි චොකලට් හිමිකරගෙන තිබීම විශේෂත්වයක්.

සොසේජස් නිෂ්පාදන දැවැන්තයෙකු වන Bunnings එම ශ්‍රේණිගත කිරීමේ 4වන ස්ථානයටත් ඩියුලක්ස් පේන්ට් 5වන විශ්වාසදායි සන්නාමය ලෙසටත් නම්කර තිබෙනවා.
සන්ක්‍රීම් නිශ්පාදනය කරනු ලබන Cancer Council 6වන ස්ථානයටත් ඔස්ට්‍රේලියාවේ විශ්වාසවන්තම ටයර් වෙළෙන්දා ලෙස Bridgestone 7වන ස්ථානයට නම් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ විශ්වාසදායී සන්නාම ලෙස ලෝක ප්‍රසිද්ධ පැනඩෝල් 8වන ස්ථානයටත් Toyota 9වන ස්ථානයටත් Bega 10වන නම්කර තිබෙනවා.